ත්‍රී රෝද රථයකට ගිනිතබයි… රථය සම්පූරණයෙන්ම විනාශයි…

January 27, 2019 at 5:30 pm | lanka C news
ත්‍රී රෝද රථයකට ගිනිතබයි… රථය සම්පූරණයෙන්ම විනාශයි…

වව්නියාව ඕමන්ත මරුදන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ත්‍රී රෝද රථයකට ගිනි තබා පලා ගොස් ඇති අතර අදාල ගිනි තැබීමෙන් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

ත්‍රී රෝද රථයේ හිමිකරු විසින් මරුදන්කේනි ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී පිටුපසින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයේ හිමිකරු නිවසට යන තුරු බලා සිටි ත්‍රී රෝද රථයට ගිනි තබා පලා ගොස් ඇති බවට ඕමන්ත පොලීසියට තොරතුරු ලැබී ඇත.

ත්‍රී රෝද රථයට ගිනි ගැනීමෙන් පසුව එහි හිමිකරු විසින් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ත්‍රී රෝද රථය ගින්නේන් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.

ගින්න තැබූ පුද්ගලයින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ත්‍රී රෝද රථයේ හිමිකරුගේ ප්‍රකාශ මත අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,084 Viewers

One Comment to “ත්‍රී රෝද රථයකට ගිනිතබයි… රථය සම්පූරණයෙන්ම විනාශයි…”

  1. john the baptice says:

    රට බේරාගන්න නම් ජාති බේදයෙන් තොරොව මේ රජය පන්නා දැමිය යුතුය

Main News