මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී පමණයි.. ඔහු 2025 තෙක් ජනාධිපතියි.. ගෝටා ජනාධිපති කරන්න දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටිනවා..

February 1, 2019 at 12:01 am | lanka C news
මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී පමණයි.. ඔහු 2025 තෙක් ජනාධිපතියි.. ගෝටා ජනාධිපති කරන්න දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටිනවා..

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බවත් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවත් ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් ජයගෙන 2025 වන තුරු රටේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයිද දිසානායක මහතා කියා සිටී.

අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඇමරිකානු පුරවැසියෙන් මෙරට ජනාධිපති කරන්නට ඇතැමුන් දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටින බවද ඔහු සදහන් කලේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන කටයුතු හෙට (01) අනුරාධපුරින් ඇරඹෙයි…

Gepostet von Duminda Dissanayake am Mittwoch, 30. Januar 2019

164 views
Main News