ලොව ඉහලම නීතීඥයන් 12ක් මධුෂ් ඇතුළු පිරිස මුදාගන්න සටනේ.. කෝටි ගණනින් මුදල් විසිවේ..

February 8, 2019 at 9:20 am | lanka C news
ලොව ඉහලම නීතීඥයන් 12ක් මධුෂ් ඇතුළු පිරිස මුදාගන්න සටනේ.. කෝටි ගණනින් මුදල් විසිවේ..

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත.

නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බවද ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් බේරා ගැනීම සඳහා ඉන්දීය නීතිඥවරුන් ප‍්‍රමුඛ තවත් රටවල් කීපයක නීතිඥයන් සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

මෙම නීතිඥයන්ගේ සහාය ලබාගෙන මධුෂ් බේරා ගැනීමේ කටයුතු සම්පාදනය කරන්නේ ඔහුගේ අනියම් බිරිඳ සහ එරට සැ`ගවී සිටින පාතාල සාමාජිකයන් පිරිසක් විසින් බවද හෙළිවී ඇත.

මේ අතර ඔවුන් බේරා ගැනීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් කීප දෙනකුද ඩුබායි දේශයට ගොස් ඇති බව වාර්තා වෙයි.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ බව කියන බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු, රාජ්‍ය තාන්ති‍්‍රක විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති පුද්ගලයකු සහ දකුණේ ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීවරියක සිටින බවට තොරතුරු ලැබී තිබිණි. ඊට අමතරව කොළඹ කෙසෙල්වත්ත, මාලිගාවත්ත, මාකඳුර, කඹුරුපිටිය ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක පාතාල කල්ලි සාමාජිකයන් 15 දෙනකු සහ ව්‍යාපාරිකයන් පස් දෙනකුද මධුෂ් සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

එහෙත් මේ පිළිබඳව ඩුබායි පොලිසිය තහවුරු කිරීමක් කර නොමැත. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූවන් අතර සිටින මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ ඩුබායිහි සිටින විවිධ පුද්ගලයන් විසින් බවය. එබැවින් මෙසේ ලැබුණු තොරතුරු කිසිවක් නීත්‍යානුකූල නොවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ ඡුායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳවද ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම ඡුායාරූප ඩුබායි පොලිසිය මගින් ලබාගත් අතර අත්අඩංගුවේ සිටි සැකකරුවන් හඳුනා ගැනීමට ඒවා තම ඔත්තුකරුවන්ට ඩුබායි පොලිසිය ලබාදී තිබිණි.

එසේ ලබාදුන් ඡුායාරූප ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෙත ගියේ කෙසේද යන්න සොයා ඔවුන් විමර්ශන ආරම්භ කර ඇති බව ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ දියණියගේ උපන් දින සාදය ඩුබායි හි තරු හයේ හේටලයක පැවැති අතර එයට කඩාවැදුණු එරට පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් සතුව තිබී කොකේන් සහ ගංජා තොගයක්ද පොලිසිය සොයාගෙන තිබුණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත‍්‍රයා ඇතුළු තවත් තරුණ ගායකයන් හය දෙනකුද සිට ඇත.

මේ වන විට මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් එරට බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

– divaina

48,642 Viewers

9 Comments to “ලොව ඉහලම නීතීඥයන් 12ක් මධුෂ් ඇතුළු පිරිස මුදාගන්න සටනේ.. කෝටි ගණනින් මුදල් විසිවේ..”

  1. Namal says:

    කලු සුද්දන්ට අරාබි බෑ..

  2. Hesh says:

    ජවිපෙත් මුදලින් ආධාර කරලද?

  3. Mj says:

    Kaalakanninwa eeratedima marala daanna oone. Lankawata genaawoth deeshapaaluwoi neetheekghayoi unwa nidos kota nidahas karanawa.

  4. Ariyathilaka says:

    අපට හැගැන්නේ ඩුබායි රට ලෝකයේ සිටින විවිධ අපරාධ කරුවන්ට රැකවරණය දෙන රටක් ලෙසය; මෙතෙක් කල් මාකදුරේ මධූෂ් ඇතුලු දරුණු අපරාධ කරුවන් එරට සිටිමින් තම අපරාධ ක්‍රියාත්මක කරවීම ,,මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවීම, දරුණු අපරාධකාරී ගෝලයන් සහ හිතවතුන්ට රැකවරණය සලසා දීම, යන කාරණා දෙස බැලීමේදී ඩුබායි රට අපරාධකරුවන් හොද වාස භූමියකි.හොද තිත් පොලකි. මෙම මෙහෙයුම ද මෙරට (ලංකාවේ) ආරක්ෂක අංශ බුද්ධි තොරතුරු මෙහෙයුම් මත ක්‍රියා කර ඩුබායි පොලිසිය ක්‍රියාත්මක වූවා මිස ඩුබායි පොලිසියේ සම්පූර්ණ වුවමනාවට ක්‍රියාත්මක වූවා නොවේ. ඩුබායි පොලිසියට අපරාධ කරුවන් මැඩලීමට වුවමනාවක් තිබේනම් මෙතෙක් කල් මෙම අපරාධ කරුවන් නිදැල්ලේ තම ජාවාරම් කර ගෙන ගියේ කෙසේද? එරට සැගවී සිටින වෙනත් රටවල අපරාධ කරුවන් ගැන අප දන්නේ නැත. මේ සිදුවීම් දෙස බලන විට අප සිතෙන්නේ විවිධ් රටවල අපරාධකරුවන්ගේ නවාතැන් පොලක් බවය; තවමත් කොටසක් එළියේ එරට ක්‍රියාකාරිකයි. ඩුබායි රට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුම් ,සහ අපරාධ කරුවන්ට රැකවරණය සලසන තිත් පොලක් නොවන්නේ ද?

  5. රජින්ද says:

    මට හිතෙන දෙයක් කියන්නම්, මීට අවුරුදු කිහිපයකට උඩදී සුදු කැස්බෑවාගේ සීන් එකේදී අමල්ගේ නම ගෑවුනා මතකයිනේ.. එතකොට දැන් තහවුරු වෙනවා අමල් ඉන්නේ කවුරුන් සමගද කියන එක. මේකෙන් පැහැදිලිවෙන දෙයක් තමයි ඒ සීන් එකේදිත් අමල් ඇත්තටම ඔය කැස්බෑව ඉස්සුවා වෙන්න බැරිද, අන්තිමේ මධුශ්ගෙන් ආපු මරණ තර්ජන වලට බයේ ඒ කැස්බෑවාගේ අයිතිකාරයා ඒ වැරැද්ද කලේ එයාමයි කියලා වැරැද්ද බාරගෙන අමල්ව බේරුවා වෙන්න බැරිද.

  6. ක්‍රිමිනල් says:

    ලංකවට ගෙනාවොත් අර බැසිල්ලා ,ගොඨලලා අල්ලලා , නඩු රබර් කරවන රෝමේශ් ද සිල්වලාව ඇල්ලුවනං ගොඩ.

    • Ratawasiya says:

      මංගලගෙ ප්‍රස්නවලට ගෝටල බැසිල්ල අතදාන්නෙ නැහැල්ලු.අැයි රනිලුත් ලෝයර් කෙනෙක්නෙ.එයාට කිව්‍වනම්‍ හරියයි නේද ක්‍රිමිනලයෝ

  7. janaka says:

    පින්වතුනි සාදුකාරයක් දෙන්න. දැන් මේ නීතිඥ මහත්වරුන්ට ගෙවන්න අපේ වන්දනීය පුජනීය ස්වාමින් වහන්සේලා මුදල් පිණ්ඩපාතයේ වඩිනවා ඇත.

  8. sarath says:

    There is noting wrong in appearing for any one on fee or free. It left to the Lawyer. that is their profession.Colvin R de silva appeared for all the accused irrespective of the gravity of the crime. I have heard that He refused to appear to Buddarakkitha on personal reasons.

Leave a Comment

Main News