මධුෂ් සමග සම්බන්ධය ලක්‍ෂමන් යාපා හෙලි කරයි.. තුවක්කුවක් අරන් ගෙට පැන්න කතාවත් කියයි…

February 13, 2019 at 10:00 am | lanka C news
මධුෂ් සමග සම්බන්ධය ලක්‍ෂමන් යාපා හෙලි කරයි.. තුවක්කුවක් අරන් ගෙට පැන්න කතාවත් කියයි…

මාකදුරේ මධුෂ් හා තමන් අතර සමීප සම්බන්ධතාවක් ඇතැයි එල්ල වන චෝදනා සම්පුර්ණයෙන් බැහැර කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

මධුෂ් තමන් හදුනන්නෙක් වුවද ඔහු හා විශේෂ සම්බන්ධතාවක් නැතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

හිටපු ඇමතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය පවුල් ආරවුලකට මධුෂ්ගේ නිවසට ගිනි අවියක් රැුගෙන කඩා වැදුනු බවත් ඉන් පසුව මධුෂ් පාතාල වැඩ සදහා යොමුවුනු බවත් මන්ත‍්‍රීවරයා එහිදී හෙලි කලේය.

315 views
Main News