100 Mw ඩීසල් විදුලි බල ටෙන්ඩරට චීනයට.. එංගලන්ත සමාගමෙන් බලපෑම්..

February 15, 2019 at 12:40 pm | lanka C news
100 Mw ඩීසල් විදුලි බල ටෙන්ඩරට චීනයට.. එංගලන්ත සමාගමෙන් බලපෑම්..

හදිසි විදුලිබල අවශ්‍යතාව මත මෙගවොට් 100ක ඩීසල් විදුලි බලය ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී වසර 17ක් පැවැති එංගලන්ත සමාගමේ ඒකාධිකාරය බිඳහෙලමින් චීන සමාගමකට  මෙවර ටෙන්ඩරය හිමිව තිබේ.

එංගලන්ත, ඩුබායි සහ චීන සමාගම් තුනක් මෙවර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණි. ඒ අතර සිටි එංගලන්තයේ Aggreko සමාගම 2002 වසරේ සිට මෙම ටෙන්ඩරය හිමි කරගෙන තිබුණු අතර එම සමාගම සහ චීන සමාගම් ඉදිරිපත් කළ ටෙන්ඩර් අතර වෙනස රුපියල් බිලියනයක අධිකය.

Aggreko සමාගම ටෙන්ඩරය ලබාගැනීම සඳහා ඉහළ හස්තයක් හරහා ඇමැතිවරයාට හා ලේකම්වරයාට බලපෑම් කර තිබුණ ද එය සාර්ථක වී නැත.

ලංකා විදුලි බල මණ්ඩලය අනාගත විදුලි අවශ්‍යතාව මත මෙම ටෙන්ඩරයට අමතරව 100 MW, 24MWx4 ලබාගැනීම සඳහා ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.

තම ටෙන්ඩරය අහිමිවීම නිසා Aggreko සමාගම එය නැවත ලබාගැනීම සඳහා තවදුරටත් බලපෑම් කරමින් සිටින බවත් වාර්තා වේ.

– සංජය ප‍්‍රනාන්දු

265 views
Main News