හොර්ටන් තැන්නේ කුරුමිණියන් විශේෂයක් හොරෙන් ගෙනයන්න හැදු චීන්නු දෙන්නෙක් අත්අඩංගුවේ..

February 19, 2019 at 2:06 am | lanka C news
හොර්ටන් තැන්නේ කුරුමිණියන් විශේෂයක් හොරෙන් ගෙනයන්න හැදු චීන්නු දෙන්නෙක් අත්අඩංගුවේ..

හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුල වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කල චින ජාතිකයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර මහතා පැවසිය.

මෙම චින ජාතිකයන් දෙදෙනා හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය සංචාරයක් සදහා අද පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බව ප්‍රදිප්කුමාර මහතා කියා සිටියේය.

එම චින ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම චින ජාතිකයන් දෙදෙනා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ප්‍රදිප් කුමාර මහතා කියා සිටියේය.

මෙම චින ජාතිකයන් දෙදෙනා සන්තකයේ කුරුමි විශේෂ 13 ක් අල්ලා  විශේෂ ආහාරයක් පිලියෙල කිරිම සදහා  සිය බැගය තුල සගවාගෙන රැගෙන යන බවට එම චින ජාතිකයන් දෙදෙනා විසින් වනජිවි නිලධාරින්ට ප්‍රකාශයක්ද දුන් බව ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

හොර්ටන් තැත්න ජාතික වන උද්‍යානය තුල විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර ඇති බව ද ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

258 views
Main News