රට ඉල්ලන වෙනස හදන හැටි ගෝටා කියයි.. [Video]

March 6, 2019 at 3:26 am | lanka C news
රට ඉල්ලන වෙනස හදන හැටි ගෝටා කියයි.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් රචිත ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් දොරට වැඞීමේ උත්සවය අමතමින් මෙම අදහස් පල කලේය.

‘වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පරිසරය ගැන දක්වන උනන්දුව අගය කරනවා. ඇවිදින මංතීරු ඇතුළු ස්වභාවික සෞන්දර්යය ආරක්‍ෂා කර ගැනීම සඳහා ගෙන ගිය ව්‍යාපෘතිවලින් කැමති ව්‍යෘපෘතිය තමයි නිපෝන් මාවත ආශ‍්‍රිතව තිබෙන ව්‍යාපෘතිය. මගේ කාලයේ අවසන් කරන්න බැරි වුණා. නමුත් දැන් අවසන් කරලා තිබෙනවා. ඒ ප‍්‍රදේශය ආරක්‍ෂා වෙලා තිබුණේ පාර්ලිමේන්තුව පිටුපස තිබූ නිසයි. එම ස්ථානයට ගියාම මතක් වෙනවා සිංහරාජය තිබෙන්නේ කියලා. යුද්ධය තිබූ කාලය එම ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් කර තිබුණා. හරිම සුන්දර ස්ථානයක්. දියවන්නාවට ආවේණික සතුන් ඉන්නවා. එම ව්‍යාපෘතිය තුළින් සතුන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කළා. කොළඹට තදාසන්න ප‍්‍රදේශවල තිබූ පරිසරය නාගරිකකරණයත් සමඟ විනාශ වෙමින් පැවතුණා. රාජ්‍ය ආයතන කෝට්ටේ ප‍්‍රදේශයට ගෙනයෑමත් සමඟම එම ප‍්‍රදේශයේ තිබූ පහත් බිම් ගොඩ කළා. එහි ස්වභාවික පරිසරය විනාශ වෙමින් තිබුණා. දැනට ඉතිරි වෙලා තිබෙන ප‍්‍රමාණය හරි ආරක්‍ෂා කිරීම ඉතා වැදගත්. නීතිය පැනවීමෙන් තුළින් ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගැනීමට අසීරුයි. නමුත් ස්වභාවික පරිසරය අපි ආරක්‍ෂා කරගත යුතුයි. පරිසරය රැක ගැනීම කාගේත් යුතුකමක්. කොළඹ ඇතිවන ක්‍ෂණික ගංවතුරට මූලික හේතුව මෙහි තිබූ ස්වභාවික පරිසරය විනාශ වීමයි.

කොළඹ  වෘක්‍ෂ රැසක් රෝපණය කිරීමට අප කටයුතු කළා. ඒ සඳහා පැළ සොයා ගැනීමට අසීරු වුණා. වෙනත් පළාත්වලින් ගෙනැත් පැළ රෝපණය කළා. වෙන රටවල්වලින් පැළ තවාන්වල පැළ තිබෙනවා. නමුත් එවැනි පැළතවාන් අප රටේ සොයා ගන්න අමාරුයි. ත‍්‍රිවිධ හමුදාවට වසරකට වෛද්‍යවරුන් 40 ක් පමණ අවශ්‍යයි. එම නිසා එදා කොතලාවල වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න අවසර ඉල්ලූවා. වෛද්‍ය සභාවේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කැමැත්තක් තිබුණේ නැහැ. අපි ඒ ගැන හේතූන් සොයා බැලූවා. ඇතුළත් කිරීමේදී වෙන්න පුළුවන් වැරදි නිසා බව ඔවුන් කිව්වා. ඇතුළත් කිරීමේ කටයුතු නිසි පරිදි කරන බවට වෛද්‍ය සභාවට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැහැදිලි කර දුන්නා. බලපෑමකින් තොරව සුදුසුකම් සහිත සිසුන් බඳවා ගත්තා. දැන් කොතලාවල වෛද්‍ය පීඨය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා.

වෙනසක් කියන එක හැමතැනම කතා වෙනවා.  නමුත් වෙනසක් සොයන විට අර්ථයක් ඇති වෙනසක් ගැන ජනතාව බලාපොරොත්තු වෙනවා. වෙනසක් ඇති කිරීමට කවුරුත් කතා කළත් ජනතාවට, රටට අවශ්‍ය වෙනස ඇති වෙන්නේ නැහැ. විවිධ රටවල බලපෑම් උඩ අපේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම හේතුකොටගෙන රටවල සංකල්ප මත ප‍්‍රතිපත්ති වෙනස් කිරීමයි මේ තත්ත්වයට හේතුව. අපිට හොඳ සංස්කෘතියක් තිබුණා. ආචාරධර්ම, සම්ප‍්‍රදායන් තිබුණා. වෙනත් දේශපාලන සංකල්ප අපේ රටේ ක‍්‍රියාත්මක කිරීමට යෑම නිසා තමයි අද මෙහෙම වෙලා තිබෙන්නේ. බොහෝ රටවල් ආර්ථික වශයෙන් බටහිර විවෘත ආර්ථික ක‍්‍රම භාවිතා කළත් ඔවුන් ඔවුන්ට ආවේණික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙනයි ඒවා ක‍්‍රියාත්මක කරන්නේ. එනිසා අපි හැමවිටම දේශීය, සිරිත්විරිත්, අනන්‍යතාව ආරක්‍ෂා කරගෙනයි අවශ්‍ය වෙනස ක‍්‍රියාත්මක කළ යුත්තේ’

– චමින්ද කරුණාරත්න

25,746 Viewers

13 Comments to “රට ඉල්ලන වෙනස හදන හැටි ගෝටා කියයි.. [Video]”

  1. ජෙපි දර්ශණය (J.P. says:

    ඔය අනං මනං වෙනස් වලින් අපට වැඩක් නෑ. පීඩිත පන්තියට අවශ්‍ය සැබෑ වෙනසක්.
    අපිට අවශ්‍ය මුළු ලංකාවේම ධනපතියන් නැති කරලා දාන්නයි.
    සියලු දෙනා දුප්පත් කර, එතනින් නොනැවතී ඉතියෝපියාවටත් වඩා දුප්පත් කල යුතුයි.
    එතකොට තමා අපට පීඩිත පන්තියේ රටක් ලැබෙන්නේ.
    -පීඩිත පන්තියේ අරගලයට ජය වේවා.-

    • namal says:

      නඩු පවරා නීතිඥ රොත්තක්ම මේ මහත්තයව නටවන නිසා නීතියේ වෙනසක් වෙන්නේ කලු සුද්දන්ගේ පදයටය.

  2. ජෙපි ලොක්කා says:

    හැමෝම පුංචිඅම්මා අඹුවට තියා ගත යුතුය්.

    • 2/2=0 says:

      හැමෝම වියග්‍රා ගසා කොල්ලෝ ගෙදර තබා ගත යුතුය

  3. jagath says:

    Siri Samantha Badra ekka connection eka mokakda maegollange?

  4. සීගිරි says:

    බටහිර හාම්පුතාලත් එක්ක එකතු වී අපේ ලක් මාතාව සමූහ දූෂණයට ලක් කල මේ සමූහ දූෂකයන්ට නැවතත් නොරැවටෙමු.සිය බටහිර ස්වාමීන් යටතේ මේ අය දාසයන් පමණි…දාසයන්ට කල හැකි වෙනසක් නැත.
    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි.
    යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක්(People’s Republic) ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.

    • අප්පුහාමි says:

      උඹ දාස, දාස කියන්නේ සජිත් ප්‍රේම දාසට නේද?

      අපි ඒ වසල දාසයාට ලෙවරිය හදන වංගෙඩියෙන් පහර දී පන්නා දමමු.

    • Tax Officer says:

      When are you going to establish this so-called People’s Republic? This century or in the next one?

  5. බයිලා මෝ says:

    අයියා දින 51 එකේ “ලැජ්ජා නැති අගමැති” වෙලා ඉද්දි මල්ලි ගියා අරලිය මැදුර බලෙන් අල්ලන් ඉන්න “බය නැති අගමැති” රනිල් බැහැ දකින්න…රනිල් එවෙලේ ගෝඨාව බය කරලා ලංකාවේ මහන ඉස්තරම් පන්නයේ ගෑණු ජංගියක් ගෝඨාට ඇන්දුවා…
    විමල් වීරවශ හිතාගෙන උන්නේ ගෝඨා වීරයා වගෙ රනිල්ව කනෙන් අල්ලලා එලියට දාවි කියාලයි….ගෝඨා දැක්කා රනිල් එක්ක හැප්පෙනන යාම ඇමරිකාවේ උදහසට හේතු වනවා කියලා…ගෑනි,ළමයි,හොරකම් කල සල්ලි සල්ලි ඔක්කොම ඇමරිකාවෙනේ තියෙන්නේ.

    • Jvp-ex says:

      OYa kiyanne mahabankuva kadala Ranil Hamu horakam karapu salli Gena venda ethi neda?

      • දප්පුල says:

        ඌට වැරදිලා මචන්!

        රනිලා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් හොයපු සල්ලි තියෙන්නෙ ඇමරිකාවෙ නෙමේ, සින්ගප්පූරුවෙ. එව්ව ඔක්කොම මිනිහා ඇරජුන මහේන්දරන් අතේ පිටත්කර ඇරියා. මිනිහා එයාපෝර්ට් එකේදී ලොකූ බ්‍රීෆ් කේස් එකක් සහ luggage එකක් තල්ලු කරගන යන ෆොටෝ එකක් ඒ දවස්වල පත්තරවල දාල තිබුන උඹ දැක්කද, දන්නෙ නෑ. ඒ හැම එකේම තිබිල තියෙන්නෙ මහ බැන්කුවෙන් පන්නපු සල්ලි. ඇරජුනට VIP lounge එකෙන් යන්ඩ අවසරදීල තිබුන නිසා ඒවා custom එකට අහුවුනේ නෑ.

        • ක්‍රිමිනල් says:

          ආ.. හා! එතකොට රනිලා ලඟදි තිරුපති ගිය වෙලාවේ තමන්ගේ බරට තරාදියේ අනික් පැත්තට දමා තිබුන රත්තරන් මිලට අරන් තියෙන්නෙ ඒ සල්ලි වලින් කියන්නෙ ඇත්තද?

          දන්න මිනිස්සුනම් කියන්නෙ ඩුබායි වලින් එවන පිරිසිඳු රත්තරන් තියෙන නිසා ඒවා සිංගප්පූරුවෙන් අරගෙන කෙලින්ම තිරුපති වලට යවන එක බාරව හිටියෙත් ඇරජුනයා කියලයි.

  6. හූ ඇන්පී says:

    අපිට ඕව අවශ්‍ය නැහැ.
    ෆ්‍රී වයිෆයි කලාප, බ්‍රේස්ලට් සහ නොතෙමී යන්න කාර් තිබ්බොත් අපිට ඇති.

Main News