ජාතික රෝහලේ හෘද රෝගීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ බාල බෙහෙත් නිසා..
November 30, 2016 at 3:50 pm | lanka C news
කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ (Non Ionic contrast media for cardio angiography for adult –100 ml) නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
ඒ අනුව හෘද රෝග සැත්කම සදහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ඩයි වර්ගය සහිත එන්නත උතුරු කොළඹ, ජාතික රෝහල, මොණරාගල, යාපනය, කරාපිටිය, දකුණූ කොළඹ, බදුල්ල, කුරුණෑගල, කළුතර සහ පේරාදෙනිය යන රෝහල් වලට නිකුත් කර ඇත. එම රෝහල් ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්යක්ෂවරුන් දැනුවත් කර තිෙබි. මෙම ඩයි වර්ගය සහිත එන්නත යුරෝපා රටවලින් ආනයනය කරනු ලබයි.
කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් මියයාම පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ත්රීපුද්ගල පරික්ෂණ කණ්ඩායමක් ද පත් කර තිෙබි. එම පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය. අධ්යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එචි.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.
– නිපුන් ඒකනායක
රාජිතයගේ මරු ක්‍රමය, ඉන්න ලෙඩ්ඩු මරන්න.,එතකොට බෙහෙත් අව්ශ්ශ නැහැ, මුදල් ඉතිරියි
සිංගප්පූරැවේ මව්න්ට් එළිසබෙත් එකෙන් කොන්ත්‍රාත් අරගෙන රෝගීන් මරණ යහපාලකයින්….
යේක යෙහෙම කියන්න යෙපා තම්බ්…දොස්තර මාතියාලා ලෙඩ්ඩු මැරැවෙ නැහැ අප්පා.. උන්ලා කලේ සුද්ද දීපු බෙහෙත් විදපු එකලු තම්බි….. උන්ලා මොනාවත් දන්නෙ නෑලූ…සුද්ද බෙහෙත් හදනවා…උන්ලා ඒ බෙහෙත් කට පාඩම් කරලා මෙහෙ ඉන්න මෝලුන්ට දෙනවා අප්පා….බලාන්නකෝ….අපේ රාජිත මාතියා සිංගප්පුරැ එළිසබෙත් වෛතියඅසාලෙයි ගියේ ඒකනේ තම්බි…..
Why did not they go to Singapore?