වාසුගෙන් යලිත් අගමැති සැරටම අහගනී.. බැදුම්කර මගඩිය ගැන කබ්රාල්ගේ වාර්තාව සභාගත කිරීම දිවි හිමියෙන් වලකයි.. [Video]

March 15, 2019 at 3:00 pm | lanka C news
වාසුගෙන් යලිත් අගමැති සැරටම අහගනී.. බැදුම්කර මගඩිය ගැන කබ්රාල්ගේ වාර්තාව සභාගත කිරීම දිවි හිමියෙන් වලකයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අගමැතිවරයාගේ වැය ශීර්ෂය යටතේ කළ කතාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් මහතා බැදුම්කර කොමිසමට ඉදිරිපත් කරන ලද  2017 ඔක්තෝම්බර් 25 දින වාර්තාවෙන් කරුණු උපුටාගෙන එහි ඇති වැදගත්කම විග්‍ර‍හ කරමින්, එම වාර්තාව සභාගත කරනවා යයි කීවේය.

එසේ කී විගසම අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කලබලවී අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව චෝදනා නගමින් එම වාර්තාව සභාගත කිරීමට තම විරුද්ධත්වය පළ කර සිටියේය.

ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද, පිටු 20 කින් සමන්විත එම වාර්තාව මෙහි දැක්වෙන අතර, එහි සිංහල පිටපතක් තව දින කීපයකින් ඉදිරිපත් කිරීමටද කටයුතු සැළසෙමින් පවතී.

අගමැතිවරයා කලබලයට පත්කළ වාර්තාවයි මේ.

 

අජිත් නිවාඩ් කබ්රාල්ගේ වාර්තාවට රනිල් බය වී සභාවේ යකා නටයි..

Gepostet von කැලුම් ප්‍රියංකර am Donnerstag, 14. März 2019

60,501 Viewers

19 Comments to “වාසුගෙන් යලිත් අගමැති සැරටම අහගනී.. බැදුම්කර මගඩිය ගැන කබ්රාල්ගේ වාර්තාව සභාගත කිරීම දිවි හිමියෙන් වලකයි.. [Video]”

  1. Eiffel says:

    දැන් හැමෝම මම කියන එක කියන්න…

    “හොරා හොරා කව්ද හොරා…??”

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      එතකොට අපිට මෙි ප්‍රශ්න ටිකටත් පිළිතුරැ දෙන්න පුළුවන්ද ?
      1. කබිරාල් මහතා මහබැංකු අධිපති වශයෙන් කටයුතු කළ කාලයේදීත් අර්ජුන් ඇලෝසියස් මහබැංකුව සමග බැඳුමිකර ගනුදෙනු සිදු කළේද?
      2. කබිරාල් මහබැංකු අධිපති වශයෙන් සේවය කළ වකවානුවෙි අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙි අධ්‍යක්ෂවරියක් ලෙස කබිරාල් මහතාගේ සහෝදරියක් පත්කොට සිටියේ ඇයි?
      3. එසේ මහබැංකු අධිපතිගේ සහෝදරියක් මෙවැනි සමාගමක අධ්‍යක්ෂවරියක් හැටියට පත්කිරීම සදාචාර සමිපන්නද?

  2. Nim says:

    BANKU HORA
    MOKADA BAYAWELA ?
    PUKA ERAGENA THAPPULAN NE.
    RANIL HORA HORA
    RATA WEKUNAGENA KAWA
    PANA PITEN, APAYE YANA WADAK.
    SRI LANKAWE JANATHAWA
    THAWA DURATATH
    REDI ADAGENA MOOTA
    PAREE YANNA EDADEEMATA
    MARAM BAYADU JATHI YAKDA ?

  3. Aurora says:

    ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හරහා නය ගන්නකොට කුඩා කොටස් ලෙස පත්තර හරහා ප්‍රසිද්ධියේ ණය ඉල්ලලා අඩු පොලියකට වැඩි දෙනෙකුගෙන් අවශ්‍ය නය ප්‍රමාණය එකතු කරගන්න ක්‍රමයක් තමයි 2015 ට පෙර තිබුනේ. එතකොට වැඩි දෙනෙක් නය දෙන්න ඉදිරිපත් වෙලා පොලිය අඩු වෙනවා. ඒක මහා බැංකුවට ඒ කියන්නේ රටට හොඳයි. මේකෙදි ඕන මුළු ණය මුදල එළිකරන්නේ නැහැ. අඩු පොලියකට නය දෙනවනම් අවශ්‍ය ප්‍රමාණයම ගන්නවා. නමුත් යහපාලන ආණ්ඩුව ගේම සෙට් කලේ මුළු ණය මුදලම එකසැරේ ඉල්ලලා. රජයේ බැංකු සහ EPF සාමාන්‍යයෙන් රජයට භාණ්ඩාගාර බිල්පත් හරහා නය දෙනවා. යහපාලන හොරු රජයේ බැංකු සහ EPF එකට උපදෙස් දුන්නා භාණ්ඩාගාර බිල්පත් අයදුම් කරන්න එපා කියල. එහෙම අලෝසියුස් ගේ PT එකට ඔක්කොම භාණ්ඩාගාර බිල්පත් ටික ගන්න අවස්ථාව හැදුවා. One horse race එකකින්. එතැනදී ආණ්ඩුවට නය දෙන්න ඇලෝසියස් ට සල්ලි නැහැ. එතකොට BOC සහ EPF අඩු පොලියට අලෝසියුස්ට සල්ලි දුන්නා. මේක තමයි ගේම. ගේම මුල ඉඳලම සෙට් කලේ මහා බැංකු මහා හොරා රනිල් වික්‍රමසිංහ.

    • බන්ඩා says:

      හරියටම හරි. ගජ මිතුරැ බැඳුන්කර නඩේ කැප්ටන් රනිල් වික්‍රමසිංහ.

    • බයියෙක් says:

      මේකේ තියන පැටලිලි සහගත වචන තේරුම් කරලා දෙන්නම්.
      1.) බැදුම්කර නිකුත් කරනවා කියන්නේ මොකද්ද?
      ඒ කියන්නේ මහ බැංකුව ණයක් ගන්නවා කියන එකයි.
      රුපියල් කෝටියක බැදුම්කර නිකුත් කරණවා කියන්නේ රුපියල් කෝටියක ණයක් ගන්නවා කියන එකයි.

      2.) ණය ගන්න සාමාන්‍ය ක්‍රමය.
      දැන් මට රුපියල් 5000ක ණයක් අවශ්‍යයි කියමුකෝ.
      මම කරන්නේ ගමේ හැමෝටම මට දාහක නායක ඕනේ, ඉරිදා හවස 3 ට ණය ගන්නවා කියලා කියනවා.
      එතකොට ගමේ 75 දෙනෙක් රුපියල් දාහ ගානේ අරන් එනවා. උන්ගේ පොලිය කියනවා. ඒ අතරේ අපේ තාත්තත් රුපියල් දාහක් අරගෙන එනවා. අර හැමෝටම වඩා අඩු ගානක් තාත්තා කියනවා. ඉතින් මුන් ඔක්කොම තවත් පොලිය පහත දාලා දෙන්න පුළුවන් අඩුම පොලිය කියනවා. එතකොට මම කරන්නේ අඩුම පොලියට පස් දෙනෙක්ගෙන් පන්දාහක්ම ණයට ගන්නවා. මහ බැංකුව කරන්නෙත් ඕකමයි. තාත්තා තමා රාජ්‍ය බැංකු සහ EPF අරමුදල.

      හැබැයි මට රුපියල් 5000ක් අවශ්‍යයි කියලා මුලින්ම කිවුව නම් ණය දෙන්න එන්නේ 5 දෙනෙක් විතර. තාත්ත අතෙත් 5000ක් නෑ. එතකොට ණය දෙන්නන් අතර තරගය අඩු නිසා මට අඩු පොලියකට ණය ගන්න බැරි වෙනවා.

      3.) බැදුම්කර වංචාව
      පොඩි ගාණක ණයක් අවශ්‍යයි කියලා මහා බැංකුව දැන්වුවා. හැබැයි තාත්තට (BOC, EPF ) එන්න එපා කියල අණ කරා. 5%හේ පොලියට උනත් ඒ දවස් වල ණය ගන්න තිබ්බා. ණය දෙන උන් ආවම එකපාරටම බිලියන ගානක ණයක් ඉල්ලපන් කියලා ඉහලින් අණ කරා. එච්චර දෙන්න පුළුවන් එකෙක් වත් එතන හිටියේ නෑ. දෙන්න පුළුවන් කියල අත ඉස්සුවේ ඇලෝසියස් විතරයි. මූ කිවුවා 12% පොලියට ඒ මුදල දෙන්න පුළුවන් කියලා. මෙච්චර මුදලක් ණයට දෙන්න බලාගෙන කවුරුත් සුදානම් වෙලා ආවේ නෑ. හැමෝම අන්දුන් කුන්දුන්. මේක කරන්න බෑ කියලා නිලධාරීන් කිවුවා. ලොක්කා ඇවිලා මේක කරපන් කියලා නිලධාරීන්ට අණ කළා. ඉහලින් ආපු අණ නිසා 12% පොලියට අර මුළු මුදලම ණයට ගන්න එකග වුනා. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කිවුවා. දැන් වැඩේ සෙට්. හැබැයි ඇලෝසියස් අතෙත් මෙච්චර සල්ලියක් නෑ. මිනිහා BOC එකෙනුයි EPF එකෙනුයි 5% පොලියට ක්ෂණික ණයක් අරන් මහ බැංකුවට අනික් පැත්තට 12% ට දුන්නා. කොහොමද රටට වෙච්ච පාඩුව. කොහොමද ඇලෝසියස්ට වෙච්ච ලාබය. අවුරුදු 30ක් තිස්සේ මේ ණයට පොලිය ගෙවන්න ඕනේ. මහ බැංකුවට වෙච්ච පාඩුව පියවා ගන්න බැරි නිසා දිගට හරහට බදු ගහලා ඒ මුදල ජනතාවගෙන් අය කර ගන්න මේ වෙනකොට කටයුතු කරනවා.

      • sudath says:

        Nicely explained in a simple way

      • මර්වින් සිල්වා says:

        ඇලෝසියස් BOC එකෙන් ණයක් අරගෙන බැඳුමිකරවල ආයෝජනය කළ එක හරි.
        එයා EPF එකෙන් එචිචර ණයක් ගත්තෙ කොහොමද? කියල පැහැදිළි කරන්න.
        ඒ කියන්නෙ EPF එකෙන් Primery Dealers ලට එහෙම ණයදෙන ක්‍රමයක් තියෙනවද?

        • බයියෙක් says:

          ඕක අහන්න වෙන්නේ මහා බැංකු අධිපති සහ රට අගමැට්ටගෙන් තමයි.
          මේ නාටකයේ සියල්ල සිදුවෙන්නේ හරියට දුන්නක් වගේ නීති නවලා සහ නිලධාරීන්ට අනිසි බලපෑම් කරලා.

      • RK says:

        Okara set una unwath danne nathiwa athi monawada une kiyala. I mean including RK.
        Mamatg danagaththe dan. Thank you very much.

  4. DAYASIRI says:

    හොරා හොරා කවුද හොරා???
    කවුද මහ බැංකු හොරා ? හොරා හොරා රනිල් හොරා. රනිල්ගේ හවුල් හොරා ?
    අර්ජුන් මහේන් ද්‍රන් දෙවෙනි හොරා. ඒක කොහෙද හැංගි හොරා?
    සිංගප්පූරුවෙ හැංගි හොරා. ඒ හොරාට උදව් කළේ කවුද හොරා?
    රනිල් තමයි රජම හොරා.

  5. කවුදජොරා says:

    ජොරෝ උඹැහෙ මක් කොලාද?
    මහ බැංකුව “වොෂ්” කොලාද?

    වග කියනව කිව්ව නේද?
    දෙවෙනි හොරත් ෂේප් නේද?

    බඳ පටියේ ඇඟිලි ගහං
    කැරකි කැරකි “විහිලු” කොරං!

    බටලංඳෙන් බේරුනා!
    බැංකු වැඩෙන්?

  6. Manel says:

    Thanks to you all. It is very clearly explained and this is the truth. I hope everyone can understand how this deal was happened.

  7. Nimal R says:

    රනිල් කියන්නේ පරයෙක් , මිණීමරුවෙක් වගේම පට්ට හොරෙක් . ඒත් මේවගේ පාහරයෙක් 2015දී ලංකාවේ මිනිස්සු අගමැති කළා . එහෙවු රටකට හරි ගියොත් පුදුමයක්

  8. Liverpool shane says:

    Vaasu huththige putha උඹේ අම්මාට huka ගනින් කැරී ponna nakiya

    • බයියෙක් says:

      වාසුට අවශ්‍ය නම් වාසු කැමති නම් වාසු තමන්ට ඕනෙ දෙයක් කර ගනියි.
      නායක තුමා හොරකම් කල මුදල නැවත මහා බැංකුවට දමන්නේ නැති නිසා ඒක අයකර ගන්නේ රටේ මිනිස්සුන්ට බදු ගහලා.

      වාසු තමන්ට කැමති දෙයක් කරගන්න අතරේ………. ඔබ ලංකාවේ නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බදු ගෙවන්නයි ඔබට සිදු වෙන්නේ.

  9. Gamini says:

    Thank you Mr Cabraal. Very well explained. I now realize what a big rogue Ranil Wickremesinghe is.

  10. Randi says:

    රනිල් මේ කරලා තියෙන හොරකමට නීතියෙන් දඩුවම් විදින්න ඕනේ. ඒ සඳහා ඔබ ඉදිරිපත් කර ඇති තොරතුරු ඉතා පැසසුම් සහගතයි.

Main News