30%ක් කාබනික 70%ක් රසායනික කරන්නයි ජනාධිපතිගේ අදහස වුනේ.. අපේ අය වැඩේ ඇන්නා..

November 10, 2021 at 3:00 pm | lanka C news
30%ක් කාබනික 70%ක් රසායනික කරන්නයි ජනාධිපතිගේ අදහස වුනේ.. අපේ අය වැඩේ ඇන්නා..

කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන බවත් අද කාබනික පොහොරවලට වැඩපිළිවෙළ විවේචනය කරන උදවිය එදා මේවා ගැන කිසිවක් කතා නොකළ බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ලියාපදිංචිය හෝ කිසිදු පරීක්ෂාවකට ලක් නොකළ කෘමි නාශක හා වල් නාශක පසුගිය කාලයේ ගොවි ජනතාවට බෙදා දී තිබෙන බව ද ඒ මහතා කීය.

මහනුවර ගන්නෝරුවේදී පසුගියදා පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් කතා කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසුවේය.

“වසර 56ක් රසායනික පොහොර යොදා කෘෂිකර්මාන්තය කළ ගොවියා එක රැයකින් කාබනික කෘෂිකර්මාන්තයට යොමු කිරීම අභියෝගයක්. ඒක අපහසුයි. ජනාධිපතිතුමා මේ සඳහා අපිට මාස 06ක කාලයක් දුන්නා. ජනපති ධුරයට පත්වූ විගස එතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ගෙන්නලා තව වසරකින් කාබනික කෘෂිකර්මාන්තයට යන්න සූදානම් වෙන්න කියලා දැනුම් දුන්නා. එවකට සිටි කෘෂිකර්ම ඇමැතිවරයාත් මේක දන්නවා.”

“මූලික පියවර ලෙස ජනාධිපතිතුමා 2020දී රුපියල් බිලියන 1 1/2ක් දුන්නා, අපේ රටේ ගොවීන්ගෙන් 30%ක් සම්පූර්ණයෙන් කාබනික වගාවට යොමු කරන්න කියලා. ඒ අනුව ඉතිරි 70%ක පිරිස රසායනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ නිරත කරවීම තමයි ජනාධිපතිවරයාගේ අදහස වුණේ. මේක ඇත්තටම අත්හදා බැලීමක් විදිහට කරන්න තමයි එතුමා අපේක්ෂා කළේ. නමුත් අපේ අය කළේ ගොවිබිමට 70%ක් රසායනික පොහොරත් 30%ක කාබනික පොහොරත් දීමයි. නමුත් අපි වැඩේ අනා ගත්තා. ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ මේක නෙවෙයි.”

“කාබනික කෘෂිකර්මාන්තයට රට මුළුමනින්ම යොමු කරන්න එතුමා තීරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. ජනාධිපතිතුමාට අවශ්‍ය වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමටයි. මේක අභියෝගයක්. නමුත් මේක අපිට කරන්න පුළුවන්. උතුරු නැඟෙනහිර ගොවීන් 95%ක් වගා කටයුතු ආරම්භ කරලා.”

– අසේල කුරුළුවංශ

57,162 views

17 Comments to “30%ක් කාබනික 70%ක් රසායනික කරන්නයි ජනාධිපතිගේ අදහස වුනේ.. අපේ අය වැඩේ ඇන්නා..”

  1. Jude perera says:

    Monawada ithin ana nogaththe

  2. S. Vitharana says:

    කෙබර නෙවි. කොකේන් පැල ගෙවතු වගාවට බෙදපු කෘෂිකර්ම කාරයෝ ඉන්න රටක් මේක. මොකක්ද දීපු දඬුවම ඒකට?
    පුලුවන් නම් කියන්න!

  3. Gon athal says:

    Punnakku is the Best food for these culprit politicos..

  4. LalithM says:

    අනාගත්ත රජු කොහොමත් ඇනගෙන රැවුල ගිනිගෙන ඉන්න වෙලාවේ මූ සුරුට්ටු පත්තු කරන්න හදනව වගේ. දැන්ත කියයි මම කිව්ව ජනපති ඇහුවේ අතන මෙතනගේ කථාව කියල. මූ ජරා බල්ලෙක්.

  5. Foreign says:

    This bugger who was a salesman before will promote even poison as healthy since he is only good at that.

  6. Kalu Albot says:

    Viseshagnayangen wadak ohelaata naha ne? Gnaanakkaagen upades gaththaanam echcharayi!!

  7. Love nature says:

    කිතුල්ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බාලූ.