30දා රනිල් නායකත්වයෙන් ඉවත් නොවුනොත් එජාපය යලි අවිලේ.. රනිල් පන්නන සටන ඇරඹෙයි.. ආසන සංවිධාකයන් තොගයක් අස්වෙති..

April 16, 2018 at 1:20 pm | lanka C news
30දා රනිල් නායකත්වයෙන් ඉවත් නොවුනොත් එජාපය යලි අවිලේ.. රනිල් පන්නන සටන ඇරඹෙයි.. ආසන සංවිධාකයන් තොගයක් අස්වෙති..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් නොවී, තවදුරටත් රැඳී සිටීමට උත්සාහ කළහොත් ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ ලබන 30 දායින් පසු නැවත සක්‍රිය කිරීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු තීරණය කරති.

නායකත්ව මණ්ඩල පත්කර පක්ෂයේ නායකත්වය වික්‍රමසිංහ මහතා අතේ තබා ගැනීමට කරන සැලසුම් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨයන් මෙන්ම ප්‍රබල සාමාජිකයන් පිරිසක් තම කණ්ඩායම සමඟ එක්ව සිටින බව එම කණ්ඩායමේ සාමාජිකයෙක් “මව්බිම”ට පැවැසීය.

මේ වනවිට එජාප නායකත්වය වෙනස් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා මන්ත්‍රිවරු 22 දෙනකු එක්ව සිටින අතර, එම පිරිසට ඇමැතිවරු, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරුද සම්බන්ධවී සිටින බව වාර්තාවේ.

මෙම මෙහෙයුම අඩපණ කිරීමට ඇතැම් අයට තනතුරු වරදාන ලබාදීමට යන බව දැනගන්නට ඇති බවත්, කුමන වරප්‍රසාදයක් ලැබුණද එම කණ්ඩායම එකාමෙන් සටන ඉදිරියට ගෙන යෑමට තීරණය කර ඇති බවත් වාර්තාවේ.

අගමැතිවරයා එජාප නායකත්වයෙන් ඉවත් කිරීමට බල කෙරෙන වැඩසටහනට එජාපයේ මන්ත්‍රිවරු 50කට වැඩි පිරිසක් එක්කර ගැනීමට ඉලක්ක කරගෙන ඇති බවද දැනගන්නට ඇත.

ලබන 30දායින් පසු අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට බලකර සිටීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රබල ඇමැතිවරයකුගේ නායකත්වය ඊට ලැබෙන බව සඳහන් වෙයි.

මෙම සටන මෙහෙයවන මන්ත්‍රි කණ්ඩායම සිය ආසන සංවිධායක තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවද දැන ගන්නට ඇත.

– mawbima

20 views
Main News