ජනාධිපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය… යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට…

March 23, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය… යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට…

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නම යෝජනා කර තිබේ.

දීපාලි විජේසුන්දර මහත්මියගේ නම් ජනාධිපති විසින් යෝජනා කර තිබුණද ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා කිහිපයකදීම එම නම ප්‍රතික්ෂේප කර තිබුණි.

 

43,701 Viewers

3 Comments to “ජනාධිපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය… යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට…”

  1. Amaradasa Salgado says:

    The citizens of all Sri Lankan has lost their credibility and credential of ongoing ours Judiciary system management and operation.
    Fair Justices has be address by judiciary of own line of impartiality and mode of independence.
    Judges are not for Politics. Judiciary having no right to overrule that Right to Vote of People’s Sovereignty. Our system need upside down

  2. සීගිරි says:

    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නව යටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්නට පටන් ගෙන ඇත.”නිදහස් හා ස්වෙෙරී” යයි කියන මේ රටේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපතිවරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.ඒ අනුව ඔවුන් මේ යටත් විජිතයේ නියම පාලකයන් බව දැන් එලිවෙමින් ඇත….මහින්ද,මෙෙත්‍රි හා රනිල් යන මේ කාටත් පැවරී ඇත්තේ බටහිර හාම්පුතාලා යටතේ මැනේජර් මහත්තයා ජොබ් එක කිරීම හා යටත් විජිතය සදහා එහි හාම්පුතාලා පිලියල කරන programs ක්‍රියාවට නැගීමයි,ජනතාවගේ බෙල්ල මිරිකා කලට වේලාවට සිය හාම්පුතාලට ගෙවිය යුතු ණය ගෙවීමයි.මේ කැනහිලුන්ව ඔවුන්ගේ පවුල් පිටින්ම තම හාම්පුතාලගේ තුරැලටම පලවා හරිමු. යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක්(People’s Republic) ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.

Main News