විදුලි අර්බුදය රවි විසදයි.. නිවසේ බල්බ නිවා දමන්නලු.. කැබිනෙට්ටුවේත් අනුමතයි..

March 27, 2019 at 3:00 pm | lanka C news
විදුලි අර්බුදය රවි විසදයි.. නිවසේ බල්බ නිවා දමන්නලු.. කැබිනෙට්ටුවේත් අනුමතයි..

ඇතිව තිබෙන විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සදහා විදුලිබල බලශක්ති ඇමති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මාස 03ක කාලයක් රට පුරා සියළු නිවෙස්වල විදුලි බල්බ දෙකක් නිවා දැමීමේ යෝජනාවක්ද එහි ඇතුලත්ය.

අනවශ්‍ය වීථි ලාම්පු නිවා දැමීම, පැයකට කලින් වීථි ලාම්පු නිවා දැමීම, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල විදුලිය භාවිතය 10%ක් අඩු කිරීම වැනි යෝජනාද එහි වෙයි.

ඇතිව තිබෙන විදුලි හිගය මගහරවා ගැනීමේ අරමුනින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

376 views
Main News