සියල්ල හෙලි කරන්න මං සූදානම්..- රයන් වැන් රෝවන් මාධ්‍ය හමුවක් කැදවයි..[Video] වේලාසනින්ම අමල් පෙරේරා පාවා දීලා..

April 5, 2019 at 9:20 am | lanka C news
සියල්ල හෙලි කරන්න මං සූදානම්..- රයන් වැන් රෝවන් මාධ්‍ය හමුවක් කැදවයි..[Video] වේලාසනින්ම අමල් පෙරේරා පාවා දීලා..

තමන් ඩුබායි වෙද ගියේ සංගීත ප්‍රසංගයට සහභාගි වීම සඳහා බව රංගන ශිල්පී රයන් වෑන් රෝවන් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් රදවාගෙන පැය 18 ක කාලයක් ප්‍රශ්න කිරීමෙසන් පසුය.

ඉන් අනතුරුව ඔහු වැලිගම පොලිසියට භාර දෙන ලද්දේ තවත් පරීක්ෂණ කටයුත්තක් සඳහා අවශ්‍යව සිටි නිසාය.

තමනට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන්නේ ගායන ශිල්පී අමල් පෙරේරා බවත් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු හෙලි කර ඇත.

ගුවන් තොටුපළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෑන් රෝවන් කියා සිටියේ තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව ඉක්මනින්ම මාධ්‍ය කැඳවා තමන් සියල්ල හෙළි කිරීමට සූදානම් බවත් ය.

232 views

One Comment to “සියල්ල හෙලි කරන්න මං සූදානම්..- රයන් වැන් රෝවන් මාධ්‍ය හමුවක් කැදවයි..[Video] වේලාසනින්ම අමල් පෙරේරා පාවා දීලා..”

  1. Upul says:

    At least this guy was brave enough to speak to the media. All the previous guys who came back never wanted to speak to the media. So, you be the judge.

Main News