ඉසුර දේවප්‍රිය මානසික ලෙඩෙක්.. ‘ඉසුර විද්‍යාලය’ නම දමන්නැයි ඔහු දැඩි බලපෑම් කලා.. – පලාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහ ඇමතිගේ රෙදි ගලවයි..
April 9, 2019 at 3:21 am | lanka C news
මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දැඩි බලපෑම් කල බව පලත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා පවසයි.
‘ඉසුර විද්‍යාලය’ යයි නම දැමීමට ජනාධිපතිවරයා දැන්වූ බවට මහ ඇමතිවරයා විසින් කල දැනුම් දීම අනුව පාසැල් පරිපාලනය විසින් මෙම නම දමා ඇති බවද ඇමතිවරයා පැවසීය.
තම මුළු කාලයේදීම හමුවූ මානසික රෝගයක් ඇති එකම මහ ඇමතිවරයා ඉසුර දේවප්‍රිය යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.
හොරණ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම චෝදනාව කරන ලදී.