බෙන්ස්-ෆෝඩ් නවීන ගිලන් රථ 138 ක් රෝහල් වලට බෙදාදෙයි..

April 11, 2019 at 2:06 am | lanka C news
බෙන්ස්-ෆෝඩ් නවීන ගිලන් රථ 138 ක් රෝහල් වලට බෙදාදෙයි..

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11 දින කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය.

– ප්‍රසන්න අධිකාරී

779 views
Main News