‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර’ ට්විටර් පැනයෙන් රත්වෙයි.. පසුපාදයේ ආරක්‍ෂාකාරීව දුන් පිලිතුර මෙන්න..

April 20, 2019 at 11:20 am | lanka C news
‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර’ ට්විටර් පැනයෙන් රත්වෙයි.. පසුපාදයේ ආරක්‍ෂාකාරීව දුන් පිලිතුර මෙන්න..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද නව නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කුමාර සංගක්කාරගෙන් ට්විටර් මගින් අසන ලද පැනයකට ඔහු විසින් පිළිතුරු සටහන්කර තිබේ.

‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස එහි නම යොදාගැනීමට ඉඩ දුන්නේ මන්දැයි කළ විමසීමකට සංගක්කාර පිළිතුරු දී ඇත.

එහි කිසිදු දේශපාලනයක් නැති බවත් තමන් සහභාගී වූයේ දිළිඳු පවුල් සඳහා ආදර්ශ ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් තමන් පවසා ඇති සංගක්කාර ඊට වඩා කිසිවක් නැති බවත් සදහන් කර තිබේ.

686 views
Main News