31 වැනිදා හවුල් ආණ්ඩුව අවසන්.. ඒකාබද්ද-TNA පිරිසක් සමග එජාප ආණ්ඩුවක් හදනවා..- කිරිඇල්ල
December 24, 2017 at 11:20 am | lanka C news
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වන දෙසැම්බර 31 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් විපක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රී පිරිසක් එක් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යන බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ඒ ආකාරයෙන් එක්වන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහයෝජගයෙන් ජනාධිපති හා අගමැති අතර ඇති දැඩි විශ්වාසයෙන් තව දුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යන බවද ඔහු සදහන් කලේය.
කිරිඇල්ල ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ද සිටින බවයි.
දෙසවරක් සදහා ගිවිසුම්ගත වූ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගිය අගෝස්තු 31 දිනයෙන් අවසන් වූ අතර දෙසැම්බර 31 දක්වා ආණ්ඩුවේ සිටිීමට ශ්‍රීලනිප පාර්ශවය එකග වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතයි.
ඒකාබද්ධ විපක්ෂය නම් යූ ඇන් පී එක්ක ආණ්ඩු හදන්න යන්නෙ නැහැ…..
Ayi ubalata kade giya jappo epa welada?
UNP jarawa is better known& WELL known as the NEW LTTE with rani eelam leader.