ස්වාධීන රූපවාහිනියේ ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. ලේකම්ගෙන් සැර දමා නිවේදනයක්..

September 20, 2016 at 12:01 am | lanka C news
ස්වාධීන රූපවාහිනියේ ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. ලේකම්ගෙන් සැර දමා නිවේදනයක්..

ස්වාධීන රූපවාහිනිය විසින් ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට පෙන්වීමටත් පෙන්වන පබව ප‍්‍රවර්ධණය කිරීමටත් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දැඩි විරෝධය පල කර ඇත.

සිය නිල ට්වුටර් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කරන්නේ ‘අප සංස්කෘතියටත් සහ දරුවන්ටත් හානිකර මෙවැන් වැඩසටහන්වලට මා තරයේ විරුද්ධ වෙමි’ යනුවෙනි.

නියමිත වූ පරිදි පසුගිය ඉරිදා රාත‍්‍රියේ Homeland වැඩිහිටියන්ට පමණක් සුුදුසු වැඩසටහන ප‍්‍රචාරය නොවින.

ජනමාධ්‍ය ලේකම්වරයා ජනාධිපති විසින් පත් කරන්නෙකු සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් ආතාවුදහෙට්ටි අගමැතිවරයා පත් කර තිබීම නිසාත් මෙම ගැටුම ඇතිව තිබෙන බව මාද්‍ය වාර්තා පල වෙයි.

ජාතික රූපවාහිනිය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙකු යටතේ පාලනය වන අතර ස්වාධීන රූපවාහිනිය පාලනය වන්නේ අගමැති විසින් පත් කල සභාපති වරයෙකු යටතේය.

3 views

11 Comments to “ස්වාධීන රූපවාහිනියේ ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. ලේකම්ගෙන් සැර දමා නිවේදනයක්..”

  1. Notthischange says:

    Puduma wenasakne oi wela thiyenne…

  2. siril says:

    ජනපතිතුමනි තනපට විසිකරන එකට වඩා බලවත් වැරද්දක් නෙවෙයිද මේක ………තනපට කේස් එකේ දකින්නේ කිහිපදෙනයි …වැඩිහිටියන්ට සුදුසුයි කියල මේවා දාපුවහම ළමයි තමයි ඇහැරගෙන ඉන්නේ …

  3. niyamai…hoda waday…ha ha haaaaaaaaaaa

  4. Ellepola - Kandy says:

    I have PEO TV connection.
    I deleted ITN channel from my TV in order to protect my children !!!

  5. තාත්තා
    -: අපි අද සිරා අංකල්ලගෙ ගෙදර ගිහිල්ලා එන්නෙ එනකොට
    රෑ වෙනවා.පුතා ලයිට් නිවලා නිදාගන්න.

    පුතා -: අද තමයි තාත්තල හැංගිලා බලපුවා බලන්න පුළුවන් TV
    එකෙන්.

    ආච්චි -: මේගොල්ලෝ TV එක කබඩ් එකක දාලා ගියොත් හොදයි. මට නැත්තං කොල්ලව පරිස්සම් කරන්න වෙයි තාත්තව වගේම.

  6. semini says:

    දැන් ඉතින් දෙයියනේ කියලා ෆිල්ම් ටිකක් බලුවහැකි….හොරෙන් බලන්න ඕන නැ……TV එකෙන්ම බලන්න පුළුවන්. වෙනදට ඉතින් කාමරේ දොර වහගෙන් එපැයි බලන්න ….අපේ ජනාධිපතිතුමාට පිං

  7. poramola says:

    මදැයි ඇහැරගෙන හිටිය..බැලින්නම් හරීන් ගේ කතාවක් …ඒකත් ඉතින් වැඩිහිටියන්ට පමණක් වගේ තමයි…අම්මට ඩිජිටල් ද මොකද්ද කරනවා කියන්නේ.

  8. love nature says:

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට

    අම්මෙනි පෙම්බර ලංකා

    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්

    පුපුරන්නෙය කෝප විකාරෙන්

    ඈ සනසන්නට සිංහල ලේ ඇති

    සිංහල කොල්ලකු අය්යෝ

    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්

    දෙව්රජුනේ ලක රක්නා

    ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

  9. lion says:

    “මගේ රට මගේ ජාතිය මගේ ගම

    මගේ සත් සිරිත් සහ ජාතික උරුම

    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම

    මගේ යුතුකමැයි සලකව් හැම දෙනම”

  10. palitha says:

    mewata gon comments dhaanna kalin homeland tv series eka balala idhapalla. ara beligediye saddheta loke perelanawa kiyala duwapu haawa wage boruwata thappulanne nathuwa. oyita wada kunu harupa sinhala tele drama wala elipita pennanawa. ewa adhath thiyenawa, mahindhage kaaleth thibba.. hama dhetama dhesapaalane gaawagena dhagalana modayo…

Main News