සියළු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්‍ෂකයන් පාසැල් ආරක්‍ෂාවට යොදන්නැයි කියයි..

May 14, 2019 at 8:02 am | lanka C news
සියළු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්‍ෂකයන් පාසැල් ආරක්‍ෂාවට යොදන්නැයි කියයි..

ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඈති සියලු ආරක්ෂක නිලධාරීන් යොදවා වහාම පාසල් වල ආරක්ෂාව තහවුරු කරන්නැයි ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා ප්‍රමුක ආණ්ඩුවෙන් ඉල්ලයි .

පාස්කු ප්‍රහාරයෙන් පසුව සති දෙකක් ඉකුත්ව ගොස් ඇතත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි පෙන්වාදෙන රණතුංග මහතා මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා ආයුධ පෙන්වීම මාධ්‍යට තහනම් කරමින් උත්සාහ කරන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න නොමැති බව පෙන්වමින් රටේ ජනතාව නොමග යැවීමට බවයි.

මේ දිනවල යුරෝපා සංචාරයක නිරතව සිටින රණතුංග මහතා රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප වෙත අදහස් පළකරමින් මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා පෙන්වා දුන්නේ රටේ ආරක්ෂාව පිළිබද විශ්වාශයක් නොමැති නිසා දෙමාපියන් දරුවන් පාසල් නොයවන බවයි

ආණ්ඩුව කොතරම් කීවද ජනතාව මේ ආණ්ඩුව තුට්ටුවකට මායිම් නොකරන බව මෙමගින් තහවුරු වන බව පැවසු රණතුංග මහතා මාධ්‍ය වාරණය කරමින් රටේ ජන ජීවිතය සාමාන්‍යකරණය වී ඇති බව පෙන්වා දරුවන් පාසල් යැවීමට දෙමාපියන් පෙලබවිමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බවට චෝදනා කරයි

ආණ්ඩුව ආරක්ෂක අංශ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්න කඩු කිනිසි ආදිය නොපෙන්වන ලෙස මාධ්‍යට තහනම් කලේ ආණ්ඩුවට ජැක් ගසා සිටින මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ උවමනාවට බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ආණ්ඩුව හිත මතාම තවත් මහා ඛේදවාචකයකට පාර කපන්නේදැයි සැක සිතෙන බවද කියා සිටියේය

දරුවන්ගේ ආරක්ෂාව අංක 1 බැවින් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂකයන් වහාම පාසල්වල ආරක්ෂාවට යොදවන ලෙස ඉල්ලා සිටින බව පැවසු රණතුංග මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ පිළිබද වහා පියවර ගත යුතු බවද පෙන්වා දුන්නේය

– ප‍්‍රදීප් අනුර කුමාර

23,839 Viewers

5 Comments to “සියළු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්‍ෂකයන් පාසැල් ආරක්‍ෂාවට යොදන්නැයි කියයි..”

  1. කාලගුනේ says:

    ඉතා සුළුතරයක් වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මේ වන විට මුළුමනින්ම හඳුනාගෙන පරාජය කර ඇති නමුත් ඉන්පසුව හඳුනාගත් දේශපාලකයන් කිහිප දෙනෙකු විසින් රට 83 ජූලි ඛේදවාචකය වැනි වාර්ගික ගිනි ඇවිලවීමක් කරා යොමු කරමින් තිබෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීන් ඊයේ (13) පස්වරුවේදී අගමැතිවරයාට දැනුම් දී ඇත.

  2. ranjith says:

    Excellent idea.

  3. Nelson says:

    Kalakanniya lakunu daganna kiyana kata

  4. Gonegota says:

    Ai uba pita rata hindada.

Main News