සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..

May 17, 2019 at 11:20 am | lanka C news
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් 5000 සහනදායි මිලට ලබා දෙන්නැයි නිර්දේශ කළ ජනාධිපති වරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

අදාල තම කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් පන්දාහක් පමණ ලබා දෙන්නැයි ඉල්ලමින් ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

අදාළ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කරන තඹවලින් රටට විශාල විනිමය ආදායමක් ලබා දෙන බවද ලිපියේ සඳහන් කර ඇතැයි එජාප මන්ත්‍රීවරුන් කියති.

මෙම කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරගැනීමට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අබලි තඹ ටොන් 5000 සහනදායි මිල නිකුත් කරන්නැයි එම ලිපියෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා ඇතැයි එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

27 views

18 Comments to “සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..”

  1. වරදට දඬුවම නියතයි says:

    ශාන්ත බණ්ඩාරට මන්ත්‍රීකම ලැබුනේ හිස්බුල්ලා ඉල්ලලා අස්වූ නිසා. මේ ගනුදෙනුවේ කොනක තඹ ටොන් 5000 ත් තිබුනද?

  2. GANGABADAYA says:

    Probably he might have said unsuspecting President that would bring lot of foreign exchange to the country. What a garbage!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. one shot says:

    කෙලවර නැති එකා ඉල්ලා අස්වීමේ කෙලවරට ශාන්ත බණ්ඩ ආවෙ තඹ ටොන් 5000ක් කරේ තියාගෙනලු.දැන් පාර්ලිමේන්තුවෙ තඹයො දෙන්නයි.

  4. David Milli-banda says:

    Blinded by greed for money and power. To hell with the Country and the Voter.
    Will the people the Voter ever learn???????????

  5. Sun says:

    This is not time to change of colour type politics. People know about the politicians today in SRi Lanka. Some know nothing about politics. Really they do not have a feeling of serving people. They just want to get the money somehow. They do not care care about people or the country. How can we expect good mode of behaviour from them. Think of the qualities of good world leaders and change.

  6. GANGABADAYA says:

    WAIT AND SEE WHETHER SHANTHA BANDARA IS SUPPORTING THE “NO CONFIDENCE MOTION” AGAINST RISHARD BAUDDIDHIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    IF HE IS BACKING OUT,THERE MIGHT BE A DEAL UNDERCOVER.

Main News