සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..

May 17, 2019 at 11:20 am | lanka C news
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් 5000 සහනදායි මිලට ලබා දෙන්නැයි නිර්දේශ කළ ජනාධිපති වරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

අදාල තම කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් පන්දාහක් පමණ ලබා දෙන්නැයි ඉල්ලමින් ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

අදාළ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කරන තඹවලින් රටට විශාල විනිමය ආදායමක් ලබා දෙන බවද ලිපියේ සඳහන් කර ඇතැයි එජාප මන්ත්‍රීවරුන් කියති.

මෙම කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරගැනීමට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අබලි තඹ ටොන් 5000 සහනදායි මිල නිකුත් කරන්නැයි එම ලිපියෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා ඇතැයි එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

285 views

18 Comments to “සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා..- එජාපය ජනපතිට පැමිණිලි කරයි..”

  1. බූරාන් says:

    ශාන්ත බණ්ඩාරට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනු..

    • sama says:

      I think it was Mujiber Rahuman who made the request on behalf of the factory owner, It could be that he met and spoke to the President or over the phone. And they ( President`s Office) responded ; That is how things happen in Sri Lanka – through connections , and here, the connection is Mujiber Rahuman

  2. සිංහල බන්ඩා says:

    ශාන්ත බන්ඩාර අර බදුද්දීන් ට විරැද්ධ විශ්වාස භංගයට අත්සන් කලාද?

  3. Sun says:

    People do whatever for money without looking ahead. That is nature of short sighted politicians in our country.

  4. ගොබ්බයා says:

    මුන් ජනතාවට කියන දේ නෙවෙයි කරන්නෙ මුන් වගේ පාහර සක්කිලි ජාතියක් කොහෙවත් නැ

  5. frank says:

    May be My3 too is involved. Should appoint a another Commission early.

  6. Samuel says:

    ඔික තමයි රට හදන මන්තරේ…. ඌ හැදෙන සූත්තරේ…

  7. gamarala says:

    රට ජාතිය ආගම මුදලට පාවාදෙන වසලයෝ

  8. Citizen says:

    Can be charged and sued in terms of Bribery and corruption act for abuse of power. Why do not they make the complain to BC commission instead of the President.

  9. UD says:

    දැන් පැහැදිලියිනේ හූ.එන්.පිය බදියුදීන්ට විරුද්ධව ගේන විශ්වාස භංගයට මනාපද නැද්ද කියලා..
    හූඑන්පියේ දේශද්‍රෝහින්ට බදියුදීන්ට විරුද්ධව වචනයක් කතා කරන්න බෑ….

  10. malraj says:

    ශාන්ත බණ්ඩාරට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනු..