ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ගැන ලැජ්ජයි..- හකීම්

May 18, 2019 at 1:20 pm | lanka C news
ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ගැන ලැජ්ජයි..- හකීම්

ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හා ජල සම්පත් ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.

රජයේ දෙමළ මාධ්‍ය රූපවාහිනී නාළිකාවක කාලීන දේශපාලන සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

‘‘21 ප්‍රහාරය සමස්ත ජනතාවම ජාති, ආගම් භේදයකින් තොරව පිළිකුල් සහගතව හෙළා දකිනවා වගේම සියලුම දේශපාලන පක්ෂ නායකයන් ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ද, ලෝක ප්‍රජාවද තරයේ හෙළා දකිනවා.

වත්මන් රජයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කිරීම පිළිබඳව මා ලැජ්ජා වෙනවා. අද රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය අනුව මුළු මහත් මුස්ලිම් ජනතාව හා මුස්ලිම් දේශපාලන නායකයන් අන්තවාදීන් ලෙසට හැඟෙන චෝදනා ගැන අපට එකඟ විය නොහැකියි.

මුස්ලිම් නාමික අන්තවාදීන් වන මේ කුඩා පිරිස මුස්ලිම් ජන කොටසට අයත් නොවන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන කීපයක් වසර ගණනාවකට පෙර රජයටත්, ආරක්ෂක අංශවලටත් දැන්වූවා.

ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවලින් ක්‍රියාත්මක වන මේ සෝදිසි මෙහෙයුම් ඉතා සාර්ථකයි. කෙටි කාලයක් තුළ අපේ ආරක්ෂක නිලධාරීන් ප්‍රහාරයට සම්බන්ධ පිරිස සොයා ගැනීමටත්, අත්අඩංගුවට ගැනීමටත් සමත් වුණා.’’

‘‘මෙම සෝදිසි කඩිනම් වීමට එදා මුස්ලිම් සංවිධාන මගින් ලබාදී තිබූ තොරතුරු ඉවහල් වූ බවත් අපි සිහිපත් කළ යුතු’’ යැයි ඇමැතිවරයා එහිදී පැවසීය.

‘‘මෙම කුඩා අන්තවාදීන් පිරිස පිළිබඳ එදා රජය, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූවා නම් මෙවැනි විශාල ව්‍යසනයක් රට තුළ නිර්මාණය වීම මර්දනය කරන්න ආරක්ෂක අංශයට අපහසු කාරණයක් නොවේ’’ යැයිද අද මේ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ඇතැම් කණ්ඩායම් කලහකාරී ලෙස කටයුතු කිරීම අනුමත නොකරන බවද, කලහකාරී පිරිසගේ ඉලක්කය වී ඇත්තේද මුස්ලිම් ජනතාවගේ ආර්ථිකයට පහර දීම බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

– aruna.lk

70,394 Viewers

25 Comments to “ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ගැන ලැජ්ජයි..- හකීම්”

  1. අනේ පව් says:

    ඔහෙල බබාල. අපිට උඹල ගැන තියෙන්නෙ මහ පිළිකුලක්, ඒක නැති කර ගන්නවට වඩා ඔහෙල කරන්නේ තව තවත් පිළිකුල වැඩි වෙන දේවල්. අපිට උඹල ගැන තරහක් නෑ. හැබැයි මල පහ වගේ පිළිකුල්.

    • Amda says:

      අනේ පලයන් බන් යන්න…

      හැමදාම ඉන්න රජයෙන් කාලා කාලා රජය පරදින්න යනවා වගේ පේනකොට අනික් පැත්තට පනිනවා..

      ඊට පස්සෙ ඊලඟ රජයට හේත්තු වෙනවා..කනවා කනවා..ආයිමත් පනිනවා..

      මොකක්ද මේ ජීවිතේ

  2. Sun says:

    Dear Minister, the top leaders knew everything but they were in a mood of ignorance. They have t be in touch with the happenings and what is going to happen as responsible leaders. All are enjoying tax payers money but not protecting them. Leaders must have sufficient brains to have critical thinking ability and forecast. They would have taken decisions before happenings.

  3. Saradiel says:

    පුහුල් හොරා කරෙන් දැනේ

    • dinesh,fernando says:

      very soon arabic countries stop the Petrol and Diesel then what will happened,Ferrari,Lamborghini,Maserati,Benz,Audi ,BMW all Luxary cars and other cars buses lorries Trains, and flights how can they drive and fly ??? use your Brain Dont make any Problemes with muslims u can make with Hindus and catholics peoples but not with Muslims u will never get any petrolium and Money helps from Arabic countries…

      • Waruna says:

        May be you are representing extremist Muslim cult, using pseudo name “Fernando”. All Muslims in the world are not supporters of ‘Wahabism”. Therefore, don’t threat others. In addition, you must understand that “Arabic Countries” are only producers of petroleum products in the world. There is a huge Petroleum market outside Arabic world. Western Imperialist forces were destroyed Libya, Iraq and Syria for their hegemonic interests. Now Iran is next target. Therefore, don’t misguide the pubic with your lack of knowledge on world affairs.

      • Gonsun says:

        Russia , Venezuela, has enough petroleum to export, Mr Closebrain.

  4. මූ මාර පොරක්නේ.. ගහ උඩ ඉඳන් කියනවා ගහ කැපිය යුතුයි කියලා.. ඇයි බං උඹත් ඔය ආණ්ඩුවේ කොටස් කාරයෙක් නේද..? මිනිස්සු ආණ්ඩුව ඉල්ල අස්විය යුතුයි කිව්වෙ ඔය ආරක්ෂක ප්‍රශ්ණත්දැකලා.. ඒත් ඒ ආණ්ඩුවට මුක්කු ගැහුවෙ උඹලා..

  5. රත්නසේන says:

    පලයං බං යන්න… ගොන් කථා කියන්නැ නැතුව. තොපි කරන පාදඩකම් වලට ආණ්ඩුව අස්වෙන්නෙ මොකටද! – තෝ පලකෝ මේ රටේ වත් ඉන්නැතුව. – ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕන උඹලාවගේ අවස්ථාවාදින්ව තියාගෙන ඉන්නවට – උඹලවගේ දේශපාලුවන් ගෙන් රටට වැඩකුත් නැ, අඩුම ගානේ තමන් ගේ ජාතියටවත් වැඩක් නැ!

  6. Mahasona says:

    මුසල්මානුවන් රජයට හේත්තු වී සිටින්නේ තමන්ගේම වාසිය පිණිස මිස රටට යහපතක් කරන්නට නොවන බව ජනපතිට දැන්වත් තේරෙන්නේ නම් හොදය.

  7. Ravi says:

    umbata lejjanam umba illa as weyan mulinma

  8. Sadda says:

    මේ පුද්ගලයා රජයේ කොටස්කාරයෙක් නොවේද ?. ඉල්ලාඅස්වෙලා චන්දයක් තියලා මිනිසුන් කැමති ආන්ඩුවක් හදාගන්න පාර කැපුවොත් විතරයි, සිංහල ජනසමාජය ඔහෙලව පිලිගන්නේ.

  9. පොඩි එකා says:

    දෙතුන් සීයක් එක තැන වැළලුනා…එකෙක්වත් වගකීම භාර අරං ඉල්ලා අස්වීම කෙසේ වෙතත් අඩු ගානේ ආණ්ඩුවෙන් අයින් වෙලා විරුද්ධ පක්ෂේ වාඩි වුනාද… එක කතෝලික මන්ත්‍රීවරයෙක්වත් අයින් වුනාද…?

  10. sw says:

    වහාම ඉල්ලා අස්වෙන්න එතකොට ආණ්ඩුව ඉවරයි .යහපාලන මළකුණ කරේ තියාගෙන ගදයි කිවුවට වැඩක් නෑ

  11. Parakum says:

    This is the consequence of allowing parties formed on Ethnic lines. Muslim parties has become the KING MAKERs in forming govts. And these parties negotiate PLUM ministries, and they get always what they want. SWRD started this divisions in 1956 with his KODIVINA party SLFP.. Before SWRD there was UNP, CP, LSSP, and Independant parties.

  12. පොර says:

    මොන ලැජ්ජාව තිබ්බත් චන්දෙ ලං වෙනකොට අනිත් පැත්තට පනින්නේ නැතුව ඉන්නවා. සදා ඇමැති ටොයියා.

  13. gadol says:

    හිගා කකා හිටිය උබලා පෝසත් කලේ මේ ආණ්ඩුව නේ?

  14. john the baptice says:

    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට උන් හොය්යා

  15. sathya says:

    මුසල්මානුවන් රජයට හේත්තු වී සිටින්නේ තමන්ගේම වාසිය පිණිස මිස රටට යහපතක් කරන්නට නොව

    තොපි කරන පාදඩකම් වලට ආණ්ඩුව අස්වෙන්නෙ මොකටද!

    තෝ පලකෝ

    • one shot says:

      උඹ කැමති නෑ ආණ්ඩුව ගෙදර යනවට,එහෙම උනොත් හෙළුවෙන් කාට කඩේ යන්නද නැද්ද හා,,,,,

  16. ෴හෙළයා෴ says:

    මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම ලැජ්ජාවට කරුණක් නම් කල යුත්තේ ඇමතිධූරවලින් ඉල්ලා අස්වී ලජ්ජාවට අගයක් දීම පමණි.එසේ නොකොට කටමැත දෙඩවීම යනු ඔබ මානසික රෝගියෙක් බව ඔබ විසින්ම නොකියා කීමය​.

  17. Vesamuni says:

    meka sudanama dean indalama meeta passe ena onaema anduwakata ringa ganta. a bawa daenagena mahinda moowa ganan ganta epa. oka langata gaththoth obatumatath gal mul enawata saeke nae.

  18. Mahasona says:

    Protect our politicians who supported terrorists or we will ??????

  19. Suduhakuru Aladin says:

    මූ ආණ්ඩුවෙන් පන්නා දමමු ! මූ අඟේ ඉඳන් කණ කන පාහරයෙකි.

Main News