පොලිස්පතිට-හේමසිරිට අපරාධ චෝදනා.. CID පරීක්‍ෂණ ඇරඹේ.. උපදෙස් නීතිපතිගෙන්..

May 20, 2019 at 11:20 am | lanka C news
පොලිස්පතිට-හේමසිරිට අපරාධ චෝදනා.. CID පරීක්‍ෂණ ඇරඹේ.. උපදෙස් නීතිපතිගෙන්..

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්දයෙන් රහස් පොලීසිය විසින් අපරාධ චෝදනා යටතේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මුලින් තොරතුරු ලැබී තිබුනද ඊට ක‍්‍රියාමාර්ග නොගැනීම ඔවුනට එල්ල වී ඇති චෝදනාවයි.

රහස් පොලීසිය විසින් මෙම පරීක්‍ෂණ සිදු කරන්නේ නීතිපති දප්පුලද ද ලිවේරා මහතාගේ උපදෙස් අනුවයි.

අදාල ප‍්‍රහාරය ගැන වාර්තාවක් සැකසීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ අතුරු වාර්තාව මත මෙම පරීක්ෂණය කටයුතු සිදු කෙරෙයි.

හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට කමිටු වාර්තාවෙන් බරපතළ චෝදනා එල්ල කර ඇත.

17,168 Viewers

3 Comments to “පොලිස්පතිට-හේමසිරිට අපරාධ චෝදනා.. CID පරීක්‍ෂණ ඇරඹේ.. උපදෙස් නීතිපතිගෙන්..”

  1. ජගත් says:

    පොලිස්පතියා දේශපාලකයන්ගේ අතකොළුවක් වී ශ්‍රීලංකා ඉතිහාසයේ අන්තම කුජිතම පොලිස් පති ලෙස ඉතිහාස ගතවුනා මේකාගේ හත්මුතු පරම්පරාවටම ලැජ්ජාව ඇතිවන සේ වැඩකලා නුසුදුස්සට තනතුරක් ලැබීමේ ආදීනවය උපරිමයට පෙන්නුම් කළා .දැන් ඉතින් කුම්බලා මාලු කෑවානම් දුක්වින්දපන් කුජිත්යෝ කියල තමයි කියන්න තියෙන්නේ .

  2. අනේ සාධු……සාධු….සාධු……..මේකටවත් හරි තීන්දුවක් ලැබෙයි කියල පහත අය බොහොම උපේක්ශා සහගතව බලාගෙන ඉන්නව.

    1. අනතුරෙන් මියගිය 256 සහ ඔහුන්ගෙ නෑදෑ හිතවතුන්

    2. ඉස්සෙල්ල මැරිල පස්සෙ පණ ආපු 96 දෙනා

    3. රටේ නීති ගරුක සියලුම පුරවැසියො

    4. ඇමෙරිකාව ඇතුලු යහපාලනෙ
    නියමුවො

    5. ඩොලර් වලින් යැපෙන නඩය

    6. අනෙකුත් ජතයන්තරය

    අපි ඉතින් බලාගෙන ඉමු මේ පර කාගෙ බලපොරොත්තුද හරියන්නෙ කියල

  3. Love nature says:

    කවුරු කවුරුත් වැඩිය උඩ පැන්නොත් මේක තමා වෙන්නේ..

Main News