‘නෙල්නා’ සමාගම හලාල් අතහරී.. තවත් සමාගම් පෝලිමේ..

June 1, 2019 at 11:20 am | lanka C news
‘නෙල්නා’ සමාගම හලාල් අතහරී.. තවත් සමාගම් පෝලිමේ..

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන ‘නෙල්නා’ සමාගම තම නිෂ්පාදනය සඳහා හලාල් ලාංඡනය භාවිතා කිරීමේ ඊයේ දින සිට ඉවත් කර තිබේ.

සමාගමේ සාමාන්‍යාධිකාරී කපිල රාජපක්ෂ මහතා මේ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

සමාගමට වසර 20ක් පිරීම හේතුවෙන් මෙම මාධ්‍ය හමුව කොළඹ ලයිට්හවුස් හෝටලයේදී පැවැත්වින.

හලාල් සළකුණ ඉවත් කිරීමට තීරණය කරන ලද්දේ පාරිභෝගිකයන්ගේ, බෙදාහරින්නන්ගේ හා වෙලදුන්ගේ දැඩි ඉල්ලීම මත බව ද ඔහු කියා සිටියේය.

මේ වන විට මෙරට හලාල් ලාංඡනය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ප්‍රධාන පෙළේ සමාගම් ගණනාවක් එම සලකුණ සිය නිෂ්පාදනවලින් ඉවත් කර ගනිමින් සිටී.

41 views

30 Comments to “‘නෙල්නා’ සමාගම හලාල් අතහරී.. තවත් සමාගම් පෝලිමේ..”

  1. Nadeeshan says:

    well done

Main News