රාමදාන් උත්සවය වෙනුවෙන් කිලිනොච්චිය යුද හමුදාවෙන් මුස්ලිම් වැසියන්ට ආහාර වේලක්…

June 4, 2019 at 2:02 am | lanka C news
රාමදාන් උත්සවය වෙනුවෙන් කිලිනොච්චිය යුද හමුදාවෙන් මුස්ලිම් වැසියන්ට ආහාර වේලක්…

එලඹෙන ජුනි 05 වනදාට යෙදී ඇති මුස්ලිම් වැසියන්ගේ රාමදාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් වැසියන් විශාල පිරිසකට රාත්‍රි ආහාර ලබා දීමේ ඉෆ්තාර් උත්සවය කිලිනොච්චිය 65 වන සේනාංකය විසින් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහාතගේ 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් වසන්ත කුමාරප්පෙරුම යන අයගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය නච්චිකුඩා මොහිදින් ජුම්මා මස්ජිත් පල්ලියේදී ඉෆ්තාර් උත්සවය පැවත්වුණි.

සාමාය ,සංහිදියව සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කරන ලද මෙම ඉෆ්තාර් උත්සවයට අමතරව ප්‍රදේශයේ දිළිඳු මුස්ලිම් පවුල් 65 වෙනුවෙන් වියලා ආහාර ද්‍රව්‍ය පිරිනැමීමද සිදු විය.

යුද හමුදාවේ සංවිධානයෙන් මෙවැනි වූ සාර්ථක ඉෆ්තාර් උත්සවයක සැමරීමට අවස්ථාව ලැබීම සමබන්ධයෙන් ප්‍රදේශයේ මුස්ලිම් නායකයින් හා වැසියන් සියලු දෙනාම යුද හමුදාව වෙතට විශේෂ ස්තූතිය හා ගෞරවය පිරිනැමූ අතර සියලු රට වාසීන්ට සාමය සහජීවනයද ප්‍රාර්ථනා කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

266 views
Main News