ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා.. ඉදිරියේදී මහා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇතිවීමේ අවදානමක්..- ඉස්ලාම් රාජ්‍යන්ගේ සංවිධානයෙන් නිවේදනයක්..

June 6, 2019 at 10:32 pm | lanka C news
ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා.. ඉදිරියේදී මහා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇතිවීමේ අවදානමක්..- ඉස්ලාම් රාජ්‍යන්ගේ සංවිධානයෙන් නිවේදනයක්..

ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන බව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වල මෙරට තානාපති හා මහකොමසාරිස් කාර්යාල විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කලාපීය හා ගෝලීය ආරක්ෂාවට බලපෑම් කරනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

මුස්ලිම් ජනතාව හා මුස්ලිම් සරණාගතයන්ගේ ආරක්‍ෂාවට පසුගිය දිනවල එල්ල වී ඇති තර්ජන ගැන කණගාටුවන බවද නිවේදනයෙන් කියා සිටී.

ශ්‍රී ලංකාව තුල ඈත ගමක සිදුවන ඉතා කුඩා සිදුවීම්ද අන්තර්ජාලය මගින් විශාල සිදුවීමක් යයි හුවා දක්වමින් සිදුකරන ප්‍රචාර මහා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇති කරන බවද ප‍්‍රකාශණයේ තව දුරටත් දැක්වෙයි.

33 views

17 Comments to “ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා.. ඉදිරියේදී මහා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇතිවීමේ අවදානමක්..- ඉස්ලාම් රාජ්‍යන්ගේ සංවිධානයෙන් නිවේදනයක්..”

  1. SL says:

    70% වන සිංහල දේශපාලකයෝ , සිංහල අපි සහ අපෙ රට , අපේ අනාගතය කාල කන්නි කරනවා. බෝම්බ වදින්න පෙර ඉස්ලාමීය ත්‍රස්තවාදය/ අන්තවාදය දැක්ක නොදැක්ක සේ හිටියේ වෙන මොනවත් නිසා නෙවි 10% චන්ද ටිකට කෙල හලන නිසා .මුන්ට එකතුවෙලා වැඩක් කරන්න බැරි නම් මුන්ව එලවන්න ඕනේ. වහබ් වාදය මෙහෙ පතුරවල, තම්බින්ට ඇරෙන්න අනිත් ආගමිකයන් මේ ලෝකේ ඉන්න ඕනේ නැහැ කියන සංකල්පේ අපේ රටෙත් පතුරවල දැන් එනවා සාන්තුවරු වෙන්න. සෞදිය මේ ප්‍රහාරය දැනගෙන හිටිය කීවේ අපි නෙවි තුර්කිය ,සාක්ෂිත් එක්ක .

  2. Kule says:

    පටන් ගත්තු වැඩේ මෙහෙම නතර කරන්න පුලුවන්ද හකීම්? අනේ ගහන්න, ගහන්න, අපේ උන් එත් සංහිඳියාව හොයාගෙන එයි. ගහපිය පුලුවන්නම් පරමාණු බෝම්බයක්. ඒකයි වෙන්න ඕන.

Main News