ත‍්‍රස්තවාදීන්ට දඹුළු නාහිමි බිය නොවෙයි.. කෝටි 10ක් කප්පම් ඉල්ලූ අය පොලීසියට අල්ලා දෙයි..

June 9, 2019 at 3:00 pm | lanka C news
ත‍්‍රස්තවාදීන්ට දඹුළු නාහිමි බිය නොවෙයි.. කෝටි 10ක් කප්පම් ඉල්ලූ අය පොලීසියට අල්ලා දෙයි..

දඹුල්ල රජමහ විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර හා සියම් මහා නිකායේ මාතලේ දිසාව භාර උප ප්‍රධාන සංඝනායක දඹුල්ල වලගම්භා පිරිවන් අධිපති පුජ්‍ය අඹගස්වැවේ ශ්‍රී රාහුල නායකහිමියන්ට දුරකථනය ඔස්සේ තර්ජනය කරමින් රුපියල් කෝටි දහයක් (දසකොටියක්) කප්පම් ඉල්ලා සිටි තරුණයින් තරුණයින් තිදෙනකු ඊයේ රාත්‍රි දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇත්තේය. ඒ් සදහා උපයෝගී කරගත් ජංගම දුරකථන පහක් , පැට්‍රල් බෝම්බයක් සමගින්ය.

මෙම කම්පම් ඉල්ලිම ‍මිට සති කිපයකට ප්‍රථිමව සිදුව ඇති අතර එසේ කම්පම් ගැනිමට දුකරථන ඇමතුම් ලබා දුන් ජංගම දුරකථන අංක ඔස්සේ සති තුනක පමණ කාලයක් තිස්සේ අධිකරණ නියෝගයක් මත සුක්ෂමව සිදුකලක විමර්ශනයකින් පසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසිය කියයි .

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරතන මහතා ගේ අධික්ෂණය යටතේ පරික්ෂණ සිදුකර ඇති අතරමෙම සැකකරුවන් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරුමත අත්වඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරු දඹුල්ල , උසාවිය හන්දිය පදිංචි 34 හැවිරිදි අයෙකි. දෙවන සැකකරු සිගිරිය, පොතාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි. තෙවන සැකකරු 19 හැවිරිදි දඹුල්ල – රත්මල්කටුව පදිංචි අයෙකි.

පළමු හා දෙවන සැකකරුවන් නායක හිමියන් වැඩ වෙසෙන දඹුලු මැද පන්සල හෙවත් වලගම්බා පිරිවෙන් විහාරස්ථානයට යාබදව පිහිටි විහාරස්ථානයේ හිටපු නායක හිමියන්ගේ වාහනයේ රියදුරන් වශයෙන් සේවය කල දෙදෙනකු බව පොලිසිය කියයි.

දඹුල්ල රජමහා විහාරයේ භාරකාරනායක හිමියන් ගමන් කරන වාහනයට පැට්‍රල් බෝම්බ ගසා හානි කිරීමේ උතසහයක්ද තිබී ඇති බවද සැකකරුවන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අනවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැඩිදුර පරික්ෂණ හා විමර්ෂණ දඹුල්ල පොලිසිය සිදුකරයි..

– මහින්ද උදයසිරි දඹුල්ල

31,788 Viewers

4 Comments to “ත‍්‍රස්තවාදීන්ට දඹුළු නාහිමි බිය නොවෙයි.. කෝටි 10ක් කප්පම් ඉල්ලූ අය පොලීසියට අල්ලා දෙයි..”

  1. Bodu Helaya says:

    Mandale kachal ekak wage! Mewata kiyana wenne eershyaraama saha krodaarama kiyalai

    • දේවක says:

      කෝටි දහයක් කප්පම් ඉල්ලන්නෙ ගනයන්ට කොහොම ආදායමක් ඇද්ද?

  2. sama says:

    Why can`t they help poor Sinhala families with their money??

  3. Habeeb Jamaldeen says:

    E kiyanne , athula jayashantha, Chanaka Prasanna, Mihindu gunaratne yana sinhala thrasthawaadhiyoo

Leave a Comment

Main News