අගමැති මෝදි අගමැති රනිල්ට හමුවීමට වෙලාවක් දී නෑ.. සජිත් එලියට දමා බලෙන්ම වාහනයට නැග කතා කරලා..

June 11, 2019 at 6:28 am | lanka C news
අගමැති මෝදි අගමැති රනිල්ට හමුවීමට වෙලාවක් දී නෑ.. සජිත් එලියට දමා බලෙන්ම වාහනයට නැග කතා කරලා..

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලංකාවට පැමිණි ඉන්දියානු අගමැතිවරයා රටේ ජනාධිපති විපක්ෂ නායක පමණක් නොවේ හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා හමු වීමට වෙලාව වෙන් කළා. නමුත් රටේ අගමැතිවරයාගේ කල් ඉකුත්වීමේ දිනයක් දැන් පැනලා එතුමා හමු වීමෙන් දැන් ඇති වැඩක් නැහැ කියලා වෙන්නැති අගමැති හමුවීමට වෙලාවක් වෙන් කරලා තිබුණේ නැහැ.

නරේන්ද්ර මෝදි මැතිතුමා ඉන්දියාවේ අගමැතිවරයා. එයට අනුරූපී සගයා වෙන්නේ ලංකාවේ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමා. හැබැයි හිටපු විපක්ෂ නායකතුමාටත් කාලය වෙන් කළත් වත්මන් අගමැතිතුමාව හමුවීම කාලය නාස්තියක් කියලා මෝදි මැතිතුමන් කල්පනා කරල තිබුනා.

අන්තිමට අගමැතිතුමා ගුවන්තොටුපළට දුවලා ගිහිල්ලා පරිවාර ඇමතිතුමාව කනෙන් ඇදලා එලියට දාලා මෝදි මැතිතුමාගේ වාහනයට නැගලා ගමන යන විටත් ආපසු ගුවන් තොටුපලට එන විටත් පරිවාර ඇමතිවරයාගේ රාජකාරිය කළා. පරිවාර ඇමැති ලෙස පත්කළ සජිත් ප්රේමදාස ඇමතිවරයා තමන්ට වෙච්ච නස්පැත්තිය ගැන පැත්තකට වෙලා දුකෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා. මේ ලෝකයේ කිසිම රටක අභිමානවත් අගමැතිවරයෙක් වෙනත් රටක අගමැතිවරයකු ගේ පරිවාර අගමැති ධූරය දරන්නේ නෑ.

අපි රනිල් වික්රමසිංහ මහත්මයාට කියනවා ඔබතුමා වෙනුවෙන් කාලයක් වෙන් කර නැත්නම් ඔබට මා එක වරක් එපා නම් මට ඔබ දහස් වාරයක් එපා කියලා මෝදිට පණිවිඩයක් යවලා පැත්තකට වෙලා නිකන් ඉන්නට තිබුනා. ඒ වෙනුවට ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නට යෑමෙන් හෑල්ලුවට ලක් කළේ මේ රටේ ගෞරවනීය අගමැති තනතුරයි. ගරු රනිල් වික්රමසිංහ අගමැති තුමනි අප කැමති වුනත් නැතිවුනත් ඔබතුමා කැමති වුනත් නැතිවුනත් ඔබතුමන් තමයි මේ රටේ අගමැති. ඒ නිසා ඒ ගෞරවනීය තනතුර හෑල්ලුවට ලක්කරන්න එපා කියලා අපි එතුමන්ට කියනවා.

– අරවින්ද අතුකෝරල

 

64,256 Viewers

14 Comments to “අගමැති මෝදි අගමැති රනිල්ට හමුවීමට වෙලාවක් දී නෑ.. සජිත් එලියට දමා බලෙන්ම වාහනයට නැග කතා කරලා..”

  1. saman says:

    INDIYAWATA HITU KIYALA ALLANAWA. ARE WE A SLAVES OF INDIA?

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      ගමිමන්පිළ මහත්තයෝ රනිල් අගමැතිතුමාගෙ බොහෝ අඩුපාඩු තියෙනවා. මහින්ද මහත්තයගෙත් තියෙනවා.ඔබෙත් මගෙත් අඩුපාඩු ඇති.
      ඒ උනාට මෙවැනි ගොංකතා කියන්න එපා.
      ඉන්දියා අගමැති ශ්‍රීලංකාවෙ රැඳුනෙ පැය කීපයයි.
      කටුනායක සිට කොළඹට එනතුරැ වාහනයේ සාකචිඡාව යොදාගත්තෙ කාලය කළමනාකරණය කරගැනීමටයි. මෙවැනි සාකචිඡා ලෝකයේ වෙන රටවල්වල නායකයො අතරත් සිදුවී තිබෙනවා. සමහරැ විදුලි සෝපානයේ ගමන්කරන කෙටි කාලයත් යොදාගන්නවා.
      ඉන්දියානු මහ කොමසාරිස් සහ ශ්‍රීලංකා විදේශ අමාත්‍යාංශය එක්වයි මෙම වැඩසටහන සැලසුමිකර තියෙන්න.

      • sw says:

        ඔය කරන කතා වලින් රටට අවැඩක්ම නේද කරලා තියෙන්නේ හාමුදුරුවනේ ?

        • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

          ඔබ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමෙි ක්‍රමය හොඳට අධ්‍යයනය කරන්න. එක්සත් ජාතීන්⁣ගේ සමිමෙිලනයට ඇමරිකාවට යන රාජ්‍ය නායකයින් ඉතාම කෙටිකාලයන් යොදාගෙන හමුවී සාකචිජා කරනවා. මෝදි අග්‍රාමාත්‍යතුමා සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ප්‍රවීනයන්.
          මෙම දෙදෙනාම ඔවුන්⁣ගේ නිළ කාලයන් තුල රාජ්‍ය නායකයින් සිය ගණනක් හමුවී තියෙනවා.
          රනිල් අගමැති මෝදි අගමැතිගෙ මෝටර් රථයට බලෙන් පනින්න තරමි මෝඩයෙක් නෙවි. මෙිව⁣ගේ මෝඩකතා විශ්වාස කරන මෝඩයොත් ඉන්නවනෙ.

          • Kani says:

            When you write more and more contents says who you are yellow robe -name stealer!! and paid writer, thinking others will respect and not attack for these comments

  2. Mangala says:

    Balagena giyama Ranilta Indiyawewath piliganimak naha.Ape rate wage kal ikuthwechcha badu ehe nathuwa athiKisima charayak nathi bala prethayek..Dan nam mr bean ge penuma witharak neme wadath karanawa wage.

  3. Nima says:

    කොරල තිබෙන ලැජ්ජ නැති වැඩ බැලුවම මේක මොකක්ද ?

  4. agamati says:

    මොදී ලංකාවේ හිටියේ පැය හතරයි බන්

    • එක්නැලිගොඩ says:

      ඒ පැය හතරටත් රටෙහි අගමැටිය එපාලූ බං.

  5. විශ්ව says:

    ලැජ්ජා නැති අගමැති කියන්නේ නිකං ද බං

  6. Sun says:

    Probably these leaders want to expand their talents beyond the continent I think. They know nothing about world politics. They misuse the power beyond the constitution to hang on. Common man know all these happenings. We need intelligent professional man to run the country if we are expecting the progress. Not counting money politics my dear friends. So use your heads do not trust these Blank Words from dirty politicians. We are going to loose the country as well as the nation soon,

  7. රට වෙනුවෙන් says:

    හයියො රනිල් නොන්ඩි කොටියයි.

  8. පොරමෝලා says:

    කාර් එකේදි මොනව උනාද දන්නෙ නෑ. මෝඩිට මූදෙ නාන්න බැරි වෙයිද ?

  9. Love nature says:

    මෝදී මහා බැංකු හොරට බය ඇති තමන්ගේ සාක්කුවටත් වැඩේ දෙයි කියලා

Leave a Comment

Main News