පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ නීතිමය වලංගුබව සහ ඉන් රටට වන වාසි….

June 16, 2019 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ නීතිමය වලංගුබව සහ ඉන් රටට වන වාසි….

1) විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

2) ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

3) ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.

4) සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම.

5) පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 3, 4 සහ 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරුවීම පමණක් වීම.

6) ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

7) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.(ජාතික ආණ්ඩුවක් නොවීම)

8) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

9) විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

10) විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.

– නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

29,236 Viewers

7 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ නීතිමය වලංගුබව සහ ඉන් රටට වන වාසි….”

  1. Saradiel says:

    අපේ ජනබලය පෙන්නා ජඩ බලය පන්නමු රට ජාතිය ආගම බේරා ගනිමු සියලු ජනතාව සමගියෙන් ජිවත් වෙමු

    • It would be good move ,as the present rulers seem to take further steps to bring moves which are extremely disastrous to the motherland’s National Defense and sovereignty,though they do have a sufficient ,acceptable majority or popularity .

  2. Aurora says:

    ජනමතය විමසා ඒ අනුව ජනාධිපති 2018 ඔක්තෝබර් කටයුතුකලානම් මෙලහකට UNP අපත ආණ්ඩුව ගෙදර. නමුත් දැන් කලයුත්තේ ජනාධිපතිවරණය වහාම පැවැත්වීමයි. පාර්ලිමේන්තු චන්දය ජනමතය අනුව එයින් සතියකට පසු පැවැත්වීමයි. නමුත් සිරිසේන නාමයෝජනා ප්‍රතික්‍ෂේප වෙනවිධියට දීල UNP ය සහ ත්‍රස්තවාදී අන්තවාදී බලවේග පරාජය කිරීමයි. එතකොට රට පාවාදෙන UNP කාලකන්ණි මකබෑවෙනවා සහතිකයි. සිරිසේනටත් ඕනෑනම් SLFP යෙන් චන්දෙ ඉල්ලලා දයාසිරි වගේ කීපදෙනෙක් හෝ පාර්ලිමේන්තුවට ගන්න පුලුවන්.

  3. Stupido says:

    Who is going to pay for all these elections??

  4. Ariyathilaka says:

    කවුරු කුමන ආකාරයකින් කුමක් කීවත් ජනමත විචාරණයක් කැදවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. එයද කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනි, 86 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව පමණයි. 86 වන ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන සැලසීමේ දී “ජනාධිපතිවරයාට ජාතික වැදගත්කමකින් යුත්ත යයි ඔහු විසින් සලකන්නා වූ කාරණයක් 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව” පැවැත්විය යුතුයැයි ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම ප්‍රකාශිත ය. 85 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව ජනමත විචාරණයට ලක් කළ යුතු කරුණ, ජනමත විචාරණයකින් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. එසේ කිරීමට, 85 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය දී ඇත්තේ, ජනමත විචාරණයට යොමු කළයුතු කාරණය, නොපැමිණි මන්ත්‍රීවරයන් ඇතුලු පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් ⅔ කට නොඅඩු මන්ත්‍රී සංඛ්‍යාවකගේ කැමැත්තෙන් සම්මත කර ඇත්නම් ජනමත විචාරණයක මගින් ජනතාව වෙත යොමු කරන ලෙසය. එසේ හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ ⅔ බලය මත ජනමත විචාරණය පිළිබඳව ඉදිරි කටයුතු තීරණය වනු ඇත.

  5. Gayantha says:

    ඉතින් ඕයි ජනමත විචාරන තියන්න යන මහජන සල්ලි ටිකෙන් ජනාධිපතිවරණයම තියනවකෝ. පිස්සෙක් නිසා ඔක්කොම අනාගෙන රටේ මිනිස්සුන්ගේ සල්ලිත් විනාශ කරනවා. මේකා ප්‍රාදේශීය සභාවල හිටපු ගාන 4000 වගේ සිට 8000 කරා. අන්තිමට වුනේ අස්තාවර ප්‍රාදේශීය සභා බිහිවීම සහ මුදල් නාස්තිය. මේ කරන්න හදන්නෙත් ඒකමයි. රට කාබසිනියා කරන්නම උපන් එකෙක් සහ පොරට උපදෙස් දෙන්නෙත් ඒ වගේම අය.

  6. ඕක කරන්න ඕනෙ ජනාදිපතිනෙ එයා ඔච්චර දෙයක් දන්නෙ නැහැනෙ…

Main News