ප‍්‍රහාරයකට සුදානමින් මරාගෙන මැරෙන ISIS 05ක් ලංකාවේ..- ඉන්දීය බුද්ධි අංශ ලංකාවට දන්වයි..

June 22, 2019 at 1:20 pm | lanka C news
ප‍්‍රහාරයකට සුදානමින් මරාගෙන මැරෙන ISIS  05ක් ලංකාවේ..- ඉන්දීය බුද්ධි අංශ ලංකාවට දන්වයි..

ඉන්දියන් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් කළ බව කියන ඉස්ලාමීය අන්තවාදීන් පස් දෙනකු පමණ ශ්‍රී ලංකාව තුළ සැඟවී සිටින බවයි.

එම තත්ත්වය නිසා වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට බුද්ධි අංශ වෙත අනතුරු අඟවා තිබේ.

එම සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අලුතින් නිසා මේ වන විටත් ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අයි.එස්. සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම නිසා ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව තර්ජනයට ලක්ව ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් කේරළයේ ඉහළ පොලිස් නිලධාරීන්ව ලිපි තුනකින් දැනුවත් කර තිබේ.

ඉන්දියාවේ කොචිහි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයට අයි.එස්. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ අනතුරු හැඟවීමක්ද එම ලිපිය මගින් දන්වා තිබේ.

ඉන්දියාවේ කේරළය, තමිල්නාඩුව අන්ද්‍රා ප්‍රදේශය කාශ්මීර ත්‍රස්තයන්ගේ ඉලක්ක වී ඇති අතර කේරළ ප්‍රාන්තයේ පමණක් ඉස්ලාමීය ත්‍රස්තයින් සියයක් පමණ සිටින බව සඳහන් වේ.

– aruna.lk

59,597 Viewers

11 Comments to “ප‍්‍රහාරයකට සුදානමින් මරාගෙන මැරෙන ISIS 05ක් ලංකාවේ..- ඉන්දීය බුද්ධි අංශ ලංකාවට දන්වයි..”

  1. sathya says:

    කේරළ ප්‍රාන්තයේ පමණක් ඉස්ලාමීය ත්‍රස්තයින් සියයක් පමණ සිටින බව සඳහන් වේ.
    ලංකාවේ…………………………………………………………………………………………?

    • විතාන says:

      ලංකාවේ වැඩියෙන්ම අන්තවාදීන් හැංගිලා ඉන්නේ දෙහිවල ,කවුඩාන ,වැල්ලවත්ත කියන ප්‍රදේශ වල .
      ඉතාම ධනවත් වියාපාරිකයන් සහ විවිද ඉහල රැකියා කරන මොවුන් සහජීවන වෙස්මුණු දාගෙන හිනාවීගෙන ඉන්නගමන් යටින් ගේම ගෙනියනවා .තවම මේ ප්‍රදේශ චෙක් කරලා නැත .හරියට චෙක් කලොත් ආයුද තොග පිටින් හම්බුවේවි

  2. sakalabujan says:

    Nata nata idapalla…ape pol buruwo tawama hariyata law hadalath ne..mewa stop karanna

    • RATA WESIYO says:

      The primary concern of our present power greedy rulers is to safeguard the votes, the nation’s security and National security seem to be are matters of secondary importance,to them.

  3. SL says:

    ඇමෙරිකන් පොම්පේ එන එක කල් දැම්මේ බොම්බේ පුපුරනකල් ද ?

    • Gonsun says:

      Pompaya ge pompa paharey sepa windeemata, mehe tanki lestikara etha.
      Raniya, Gala , Maliya , Aga Goiya, seneha kola samaga aralu bee ready pita innawa.

  4. desta says:

    lagadi lokko rata gyoth baduma tamai matakane giya para

  5. Dp says:

    අපිට බයවෙන්න කිසිම දෙයක් නෑ.අගමැතිතුමා ඊයේ මහා හයියෙන් වේදිකාවේ කිව්වා ලංකාවේ ඉන්න isis ඔක්කොම අල්ලලා ඉවරයි කියලා.

  6. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා යටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම ඇම‌ෙරිකාවට හා එංගලන්තයට පිලිගත හැකි විසදුමකි !!!!!
    එක් එක් කණ්ඩායම් ත්‍රස්තවාදය හා ජාතිවාදය මනාව කළමනාකරනය කර තමතමන්ගේ ඡන්ද ව්‍යාපාර වලට යොදා ග‌ෙන ඇති ආකාරය ප්‍රශංසනීයයි.ප්‍රමූඛ තලයේ මාධ්‍ය කිපයක්ද ම‌ෙම වැඩපිලිවලට උදව් වන පුවත්
    දිනපතා මවමින් සිටී.ජනතාව අතට බලය යෑම යනු ලංකා නවයටත් විජිතය තමන්ට අහිමි වීම බව බටහිර දනී.

    • anil says:

      ජනතාව අතට බලය දෙනව කියන්නේ කාටද යකෝ එතකොට ඡන්දෙ දෙන්නේ? තොට ඔල්මොරොන්දම්ද? ගිහින් චෙක් කරගනින්…

  7. නිළමේ says:

    අපි නං ඇහුවෙ අගමැති කියන්නෙනං ලංකාවේ අයිඑස් ප්‍රහ්නෙ ඉවරයි කියල.

Main News