වෛද්‍ය ෂාෆි පාර්ලිමේන්තුවට.. එජාප කුරුණැගල මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි..

June 29, 2019 at 3:00 pm | lanka C news
වෛද්‍ය ෂාෆි පාර්ලිමේන්තුවට.. එජාප කුරුණැගල මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි..

කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කලේ යයි චෝදනා එල්ල වී ඇති කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමේ අවස්ථාවක් උදා වී ඇත.

එජාප වයස්ගත මන්ත‍්‍රීවරුන්ට ඉල්ලා අස්වන්නැයි දන්වා තිබීම හේතුවෙන් මෙම තත්වය උදා වී තිබේ.

ඔක්තොම්බර් 26 වන දින ආණ්ඩුවට එක් වූ එස්.බී. නාවින්න මහතාටද මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නැයි එජාපය විසින් දන්වා ඇති අතර ඔහු මේ දිනවල එජාප කිසිදු වැඩ කටයුත්තකට සහභාගී නොවෙයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප මනාප ලයිස්තුවේ 08 වැනියාට සිටින්නේ මනාප 53038ක් ලබා ගත් ෂාෆි සහබ්දීන්ය.

එම මැතිවරණයේදී එජාප 07 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් විය.

142 views
Main News