ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම්.. ආපසු යවනු බෑ..

June 30, 2019 at 10:40 am | lanka C news
ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම්.. ආපසු යවනු බෑ..

STOP USA සංවිධානයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඇමරිකාව රට ඇතුලට ආවොත් මොකද වෙන්නේ. මතකතබාගන්න, ලෝක බලවතුන් මව්බිම තුලට රැගෙන ඒම ලේසියි.  හැබැයි ඔවුන් ආපසු එළවා ගැනීම නම් කිසිදාක පුළුවන් වන්නේ නැහැ. පැනමා වැනි රටවල් කඳුලින් ලෝකයට කියන කතාව එයයි. අපට පැහැදිලි වුණා ලංකාව හරි මැදින් දෙපලු කරන ආර්ථික කොරිඩෝවක් බිහි කරනවා කියන එක. මේ සමස්ත ලෝකයේ මෙවැනි තකතීරු වැඩක් කරපු තවත් කිසිම රටක් නැහැ. රටේ ස්වාධිපත්‍යයට වඩා තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් ටික ලොකු යැයි හිතපු පාලකයන් ලෝකයේ කිසිම රටක ඉතිහාසයේ කිසිම තැනක වාර්තා වෙලා නැහැ. ඒ අතින් බැලුවාම නම් අපේ පාලකයෝ හරිම සුවිශේෂී. ගිවිසුම් මගින් ලංකාව අපේ රට තුළට ගෙන්න ගන්න හදන්නේ කෙතරම් කාලයකට දැයි අප දන්නේ නැහැ. අපි හිතමු ඒ වසර 99 යකට කියා.  ඒ වසර 99 අවසන් වුණාම අපි  “ කාලේ හමාරයි දැන් ගෙදර යන්න“ යැයි කිව්වම ඇමරිකාව  “ මට බැහැ “  යැයි කිව්වොත් අපි මොකද කරන්නේ. අපිට ගහල එලවන්න පුලුවන්ද.  ඔය බද්දට දෙන්නේ මාලදිවයිනට නම් නේපාලයට නම් බංගලිදේශයට නම් අපේ රණවිරුවන්ට යන්න බැහැ කිව්වොත් ගහල එලවන්න හරි පුළුවන් වේවි. නමුත් මේ එන්නේ ලෝකයේ ප්‍රබලම හමුදාව තියෙන ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාව නම්, ඒවගේම ඔවුන් අවි දරා අප රට තුල ඔබ මොබ සැරි සරනව නම් ඔවුන් ආපසු යන දවසක් උදාවන්නේ නැහැ.

ඔබේ ගේ ඇතුලට බල්ලෙක් ආවොත් කොස්ස අරං පන්නන්නට පුළුවන්.  හැබැයි බල්ලෙක් වෙනුවට සිංහයෙක් ආවොත් සිංහයාටත් අපි කොස්සෙන් ගහන්න යනවද.  නැතිනම් ගෙදර සිංහයාට බාරදීලා පණ එපා කියලා ගෙදරින් එළියට යනවද ? සිංහයා ගෙට රිංගුවා ම අපට අත්වන ඉරණම මයි ලෝක බලවතුන් ආවම අපට අත් වන්නේ. නමුත් ඇමරිකාව ලෝකේ පුරාම කොටාගෙන කොටාගෙන ගිහිල්ලා තැන් දෙකකදී හොට ඇන ගත්තා. හැටේ දශකයේ අග පටන් අරගෙන හැත්තෑව දශකයේ දී වියට්නාමයට හමුදා යැව්වහම වියට්නාමයේ සිටි වීරෝදාර ජනතාව එයට එරෙහිව නැගී සිටියා. කොන්ග් ඩුක් භික්ෂූන් වහන්සේ සිය සිරුර ගිනිතබාගත්තා.  වියට්නාම ජනතාව සිය අධිෂ්ඨාන බලයෙන් ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව එක මිටට හිටගත් නිසා ඇමරිකාවට ඉතිහාසයේ කවදාවත් අමතක නොවන පාඩමක් උගන්නලා වියට්නාමයෙන් එළියට ඇද දමන්නට හැකියාව ලැබුණා. ඇමෙරිකාව අත පුච්චා ගත්තේ වියට්නාමයෙන්.   වියට්නාමයට සවිය උනේ ඔවුන්ගේ සැබෑ මිතුරෙක් ලෙසින් සෝවියට් දේශය වියට්නාමයට සවිය දුන් නිසා.

ඒ වගේම මෑත කාලයේ අරාබි වසන්තය ආවා.  යේමනය ටියුනීසියාව ඊජිප්තුව ලිබියාව වැනි රටවල ආණ්ඩු පෙරලා ගන්නට අරාබි වසන්තය හරහා ඇමෙරිකාවට හැකියාව ලැබුණා. නමුත් සිරියාවේ ආණ්ඩුව පෙරළා ගැනීමට අරාබි වසන්තයට හැකියාවක් ලැබුණේ නැහැ. චීනය රුසියාව හා තුර්කිය කියන සිරියාවේ සැබෑ මිතුරන් සිරියාව හා එකට හිටගත් නිසා. ඇමරිකාව කියන මේ මහා රාක්ෂයාට අපට තනියෙන් මුහුණදීමට නොහැකි නම් අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි නොගසන අපේ රට ඔවුන්ට නතු කර ගැනීමට කටයුතු නොකරන අපේ මිතුරන් සොයා ගත යුතු හෝරාව මේ මොහොතේ උදාවෙලා තියෙනවා.

කවුරුහරි අපෙන් අහන්නට පුළුවන් ඔබේ ආණ්ඩුව ආවම මේ ගිවිසුම් අහෝසි කරනවාද කියලා.  අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. එහෙම උදාන වාක්‍ය කියන්න අප යන්නේ නැහැ.   එහෙම සිංහනාද නගන්න බැහැ. රටවල් දෙකක් ද්වීපාර්ශිකව අත්සන් කළ ගිවිසුමකින් ඒකපාර්ශවිකව ආණ්ඩුවකට ඉවත් වන්නට බැහැ. අපට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1988 ජනාධිපතිවරණයේ දී කිව්වා ඉන්දු ලංකා ගිවිසුම අප බලයට පත්වූ වහාම අහෝසි කරනවා කියලා. 1994 එතුමිය රටේ අගමැතිනිය වුණා. හැබැයි ගිවිසුම අහෝසි කළේ නෑ නෙවෙයි එසේ කරන්නට බැහැ. ද්විපාර්ශික ගිවිසුමකින් ඒකපාර්ශ්විකව ඉවත් වීමට හැකියාවක් නැහැ.

එහෙමනම් අප මෙය කරන්නේ කොහොමද.  ඉන්දු ලංකා ගිවිසුමේ දී ලංකාව ඉන්දියාවට පොරොන්දු වුණා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර තනි පළාතක් ලෙස පවත්වාගෙන යන්න. ඒවගේම එම ගිවිසුමෙන් ආණ්ඩුව එකඟ වුණා ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙන්න. වසර තිස් දෙකක් ගත වෙලා තාම ඒ දේ කරන්නට පුළුවන් වෙලා නැහැ. නොකළේ ඇයි කියල ඉන්දියාව අහන්නෙත් නෑ මේ රටේ ජනතාව පාරට බැහැලා ජීවිත පූජා කරලා ඒ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරනවාට විරෝධය පළ කරපු නිසා.

එහෙම නම් මේක දේශපාලකයන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.  රටේ ජනතාව එක්ක මිටියට පාරට බැහැලා මේ මිලියන 20 ම ජාති ආගම් කුල භේද පැත්තකින් තියලා එකට හිට ගත්තොත් ඇමරිකාවට නොවෙයි ඕනෑම බලවේගයක් පරාජය කළහැකි කියන පාඩම වියට්නාමයේ අපේ සහෝදර ජනතා අපට උගන්වා තියෙනවා.  අපේම කලින් පරම්පරාව ජීවිත පූජාවෙන් අපට උගන්නලා තියෙනවා. ජාති ආගම් පක්ෂ පාට කුලභේද ඔක්කොම පසෙකින් තියලා මෙයට එරෙහි විය යුතුයි.  මොකද අපිට පක්ෂවලට බෙදිලා රණ්ඩු කරන්නත් රටක් ඉතිරිවී තිබිය යුතුයි. ඒ නිසා මේ රට බේරගන්නට සියලු දෙනාම සියලු භේද පසෙකින් තබා එකමුතු වෙමු.

සමහරුන්ට හිතෙන්න පුළුවන් ඇමෙරිකාව එක්ක හැප්පෙන එක කළුගලේ ඔළුව ගසා ගැනීමක් කියලා. හැබැයි මේ මිලියන 20 ම එක මිටියට ඇවිල්ලා ඇමරිකාව කියන කළුගලේ ඔළුව ගසා ගත්තොත් ඒ ඇතිවන කම්පනයෙන් ඇමරිකානු කළු ගල පුපුරා හැලෙනවා සත්තයි. ඒ නිසා මේ ඇමරිකාවේ ගමන් මඟ නතර කරන්න  බිහිවන STOP USA  සංවිධානය සමග සමස්ත ජාතියම අත්වැල් බැඳ ගන්න යැයි අප ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

33,899 Viewers

26 Comments to “ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහින්න සූදානම්.. ආපසු යවනු බෑ..”

  1. එක්නැලිගොඩ says:

    පක්ෂ බෙද පසක් තබමු. මව්බිම වෙනුවෙන් එක් වෙමූ.

    • රහල් says:

      කැපුවත් කොල උන් ඇමරිකානු හමුදාවට උන්ව වික්කත් එක සෑපයි කියල කතිරෙ ගහන්නේ රනිල්ට. උන්ට ගම්මන්පිල ලා නයාට අදූකොල වගෙ.

      • කම්කරැ පංතිය says:

        ඇමරිකන් පුරවැසියෙක් ජනධිපති කරන්න වලිකන ගම්මන්පිල නම් හැව ඇරපු exජෙප්පා
        දැන් චීනය රැසියාව ගැන අපට කියදෙන්න පටන් ගෙන ඇත.මේ Australian ඔත්තුකාරයා පසු ගිය දවස්වල චීනා චීනා කියමින් චීනයට අවලාද නගමින් පෙලපාලි ගිය විදිය අපට මතකය…මොහු සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ හතුරෙකි.මේ පාහරයාට නොරැවටෙන්න.

        • මව්බිම says:

          මෙන්න රනිල්ගෙ එකෙක්ට ඩොන් ගිහිං

  2. මව්බිම says:

    මෙම ගිවිසුම ගැන ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් ගෙන් ඇහුවත් ඔහුවත් දන්නේ නෑ. එච්චර රහසිගතව කරන්න හදන්නේ රනිල්තුමා රටට හරි ආදරෙ නිසිනෙ. අනාගත පරපුරක් නැති වුනත් රටක් පාලකයො වීමෙ ශාපය තමයි මේ.

    • නුවන් says:

      අමතක කරන්න එපා අර සමලිංගික වීම ආඩම්බරයක් කියල කියන පරයා අන්න ඒ පරයා මේ හැම පාවාදීමක් පිටුපස්සෙම ඉන්නවා

  3. Sandun Dhammika says:

    We need to call US marine forces ! Do we ?

    • නිහාල් says:

      ආ තෝ ආයෙත් ආවද පරබල්ලා මෙතන කොමෙන්ට් කොටන්න තොගේ හමුදාව වෙනුවෙන්

      • Fernando says:

        well said Dammika.I also agree with you. We need American forces here.

        • Sandun Dhammika says:

          Damm it man I don’t like they come in.
          Further I’m working for a US based company.
          We need to sell to USA, but US should not alter into our independence.
          This is shameful !

  4. Asanka says:

    අපිට නැත්නම් තොපිටත් නෑ. අපි මෙක ඇමරිකාවට විකුණා දානවා. රනිල් මාමිගෙ තියරිය එකයි.

  5. මහජනයා says:

    මෙම කතාවම ඇති රට ගැන හිතන්න

  6. Wiki says:

    ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීමේදී ඕනෑම විදේශිකයෙකු, ‘ඇමරිකානු රාජපාක්ෂික භාවය’ පිළිබඳ දිය යුතු දිව්රුමක් තිබේ. නන්දසේන ගෝඨාභය රාජ-පක්ෂ 1992 දී ඒ දිව්රුම දුන්නේය. ඒ දිව්රුම ඔහු දුන්නේ, ශ්‍රී ලාංකීය පුරවැසි භාවය ඔහු සිය කැමැත්තෙන් අතහැරිය මොහොතේ ය. එය මෙසේ ය:
    “මෙතෙක් කල් මා යටත්වැසියෙකු හෝ පුරවැසියෙකු වශයෙන් සිටි, මොනයම්ම හෝ විදේශ කුමාරයෙකුට, නරේන්ද්‍රයෙකුට, රාජ්‍යයකට හෝ ස්වෛරී රටකට මා දැක්වූ පක්ෂපාතීත්වය හෝ විශ්වාසත්වය, පරම වශයෙන් ද, මුළුමණින් ද, මෙතැන් පටන් මා අතහරින බවට මෙයින් මම දිව්රා පොරොන්දු වෙමි. සකලවිධ විදේශීය සහ දේශීය සතුරන්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවත්, නීතියත් ආරක්ෂා කිරීමටත්, ඊට සහාය දැක්වීමටත් මම දිව්රා පොරොන්දු වෙමි. ඒ කෙරෙහි වන භක්තිය සහ පක්ෂපාතීත්වය මෙයින් මම ප්‍රකාශ කොට සිටිමි. නීතියෙන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි… මේ වගකීම මා භාරගන්නේ, හිතේ කිසි කහටක් නැතිව ය. එය මගහැර යාමේ අභිප්‍රායක් නැතිව ය. එසේ හෙයින්, දෙවි පියාණනි, මට උපකාර කළ මැනව.”

    • Boo says:

      මේ ලිපිය ගෝටා ගැන නෙමෙයි. අකුරැ කියවන්න දන්න කෙනෙක් ලවා මේ ලිපිය කියවා ගත්තානං මෙලෙස වල්ගය උඩ සිටගැනීමට සිදු නොවේ.

      • jsk says:

        ගොන් තඩියෙකුට වල්ගය උඩ හිට ගන්නවා හැරෙන්න වෙන මොනවා කරන්නද. නැට්ටෙ හිටන් ගොම. බත් කන හරකෙක්. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    • Samare A,Pura says:

      I shall never vote for this traitor.

  7. Critic says:

    Not to worry! This is a last pase of the traitor, RW. We have our close friends, China and Russia to defend our motherland.

  8. sinha le says:

    ඉරාකය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යුගෝස්ලාවිය පැනමාව අද මේ අය නිසා සොහොන් ගැබක් වෙලා අපිත් එසේ වෙමුද හෙලයනි හෙට කල් මදි දැන්ම මෙය විනාස කල යුතුය පෙරට එනු සිංහලේ බලය පෙන්වමු

  9. Saradiel says:

    අද ඇමෙරිකාවේ මුල් පදිංචි කරුවන් වන රතු ඉන්දියානුවෝ තම රටේ හිගන්නෝ වෙලා අපිත් එසේ වෙමුද?

  10. Love nature says:

    Colonel Dodge said in 1867, “Every buffalo dead is an Indian gone,” and Delano wrote in his 1872 annual report, “The rapid disappearance of game from the former hunting-grounds must operate largely in favor of our efforts to confine the Indians to smaller areas, and compel them to abandon their nomadic customs.”

  11. Ravana Parapura says:

    Out of all the people living in America, Native Americans are among the groups that have had it worse, together with the black community. These two groups have faced violent discrimination, segregation, racism, and a systematic deprivation of freedom and basic rights—even today.

  12. Mudalali says:

    කලකට පෙර අපේ රට වොයිස් ඔෆ් ඇමෙරිකා සඳහා ගිවිසුමක් ගසා ඉඩ දුන්නා. පසුව වර්ථා උනේ කන්තේනර් පිටින් ගෙනත් බංකර් හදා වලදාපු දේවල් ගැන. ඒ මොනවාදැයි කවුරුත් කිව්වේ නැහැ. න්‍යශ්ටික අපද්‍රව්‍ය ශ්‍රිලංකාවේ හා ආසියාතික රටවල අපද්‍රව්‍ය බැහැර කර වල දැමු කථාවල් එකල බහුල උනා. දැන් අක්කර 70000ක් මේ සඳහා යොදා ගත හැකියි. එමෙන්ම ලංකාවේ සම්පත් හොරා ගත හැකියි ගේන්නේ මොනවද ගෙනියන්නේ මොනවාදැයි සොයන්න බැරි නිසා. රට විකිනීමට බදු දීමට මෙවැනි ගිවිසුම් ගැසීමට ජනතාවගෙන් ඉල්ලා ඇවිත් නැත. මොන බාසාවෙන් කියන්නද තේරෙන්නේ නැත.

    • නිකිල් says:

      ඔය කියන විට මතක් උනේ .හිස්බුල්ලා ආදාර ලෙස මහජන බැංකුවට ලැබුණු කෝටි 350 න් විශ්වවිද්‍යාලෙ හැදුවා කිව්වට එහෙම මුදලක් බැංකුවට ලැබිල නැතිලු ?එහෙනම් කොහෙන්ද ඔය සල්ලි ලැබුනේ ??
      මේ වෙන දෙයක් නොවේ තානාපති මුක්තිය යටතේ යම් අරාබි රටක් විසින් මෙරටට හොරෙන් ගෙනාපු මුදල් උන්ඩියල් ක්‍රම මගින් රුපියල් කරලා ඉදිකරපු ගොඩනැගිල්ලක් මේක තනිකරම අරාබි සල්ලි අර කැලේ කපන බල්ලාට විල්පත්තුවේ නිවාස හදන්න මුදල් ලැබෙන්නෙත් ඒ ක්‍රමයටම තමයි අරාබි තානාපති ගෙරියන් මේ රට විනාශ කරනවා

  13. Kuma says:

    Ohoma une ei kiyala atheethawarjanayak kala yuthui.

    • The Citizens says:

      Ranil must be reminded what Arhat Mahinda advised to the King Devanam piyatissa . “MAHA RAJA,OBA BAARAKARUWAA PAMANI,AITHEEKARUWA NOVEI”
      He must let future generation to live freely without being slaves of foreign powers. If he does that future generation would curse him as a traitor ,who had betrayed the motherland.

  14. Nim says:

    LANKA ETHIHASAYA
    MATHIWARANA KOPAMANADA? ???
    ATH AWABODA YEN
    THORAWA 62 NOMAGA
    GIYA BAWA THAWAMATH
    NOTHERENA ” KAPUWATH KOLA HA
    MUDALATA ” YATA WE NA
    MODA YENTA
    KUMAK KARAMUDA ????
    👹👹👹👹👹👹👹👹👹👺👹👺👺