වඳ වී යන ඉතා දුර්ලබ ගනයේ කිලෝ 2000 ක මුතු මොරෙකු මරයි…

June 30, 2019 at 4:40 pm | lanka C news
වඳ වී යන ඉතා දුර්ලබ ගනයේ කිලෝ 2000 ක මුතු මොරෙකු මරයි…

කිලිනොච්චිය පුනරීන් නච්චිකුඩා මුහුදු තීරයේදී ධීවර දැලකට ඉතා දුර්ලබ ගනයේ දැවන්ත මුතු මොරෙකු හසුව මිය යාම හේතුවෙන් ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය ධීවර පරික්ෂක කාර්යාලය පවසයි.

අඩි 20 කට වැඩි දිගින් යුත් මෙම මුතු මෝරා කිලෝ 2000 කට අධික බරකින් යුක්ත වන අතර කල්කුඩා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත ධීවරයින්ගේ විශාල දැලකට හසුව ගොඩට ඇදීම හේතුවෙන් එම මුතු මෝරා මිය ගොස් සිටි බවට ධීවර පරික්ෂක නිලධාරීන් පැවසූහ.

එමෙන්ම මෙම මුතු මෝර විශේෂය වඳවීගෙන යාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින බැවින් ඇල්ලීමට හෝ මැරීම නීති විරෝධී වන අතර අත්අඩංලුවට ගත් ධීවරයින් තිදෙනා කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය ධීවර පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

252 views
Main News