සුලං කිරිල්ලියට රූපවාහිනි සභාපතිකමෙන් වහා අස්වන්නැයි දැනුම් දේ..

July 7, 2019 at 3:50 pm | lanka C news
සුලං කිරිල්ලියට රූපවාහිනි සභාපතිකමෙන් වහා අස්වන්නැයි දැනුම් දේ..

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය දරන ඉනෝකා සත්‍යංගනී මහත්මියට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

මෙම ලිඛිත දැනුම් දීම කර ඇත්තේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා විසිනි.

අදාල ලිපිය මගින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඇයගේ සේවය ගැන සෑහීමකට පත් විය නොහැකි බවයි.

ඉනෝකා සත්‍යාංගනී රුපවාහිනි ආයතනයේ සභාපතිනිය ලෙස පත් කරන ලද්දේ මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ඇමති ධුරය දරමින් සිටියදීය.

327 views
Main News