අණ නොතකා ධාවනය වූ වාහනයකට පොලීසියෙන් වෙඩි තබයි..

July 12, 2019 at 12:40 pm | lanka C news
අණ නොතකා ධාවනය වූ වාහනයකට පොලීසියෙන් වෙඩි තබයි..

මුලතිව් මුල්ලියාවලෙයි සිට කලක පටන් ප්‍රවාහනය කෙරෙන දැව ජාවාරමක් වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී වැටලීමේදී පොලිස් අණ නොතකා දැවත් සමග ධාවනය වූ රථයකට වෙඩි තබා දැවත් සමග සැකකරුවන් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

මුලතිව් මුල්ලියාවලෙයි සිට වවුනියාව නොච්චිමොට්ටෙයි හරහා කලක පටන් දැව ප්‍රවාහනය කෙරෙන බවට පුලියන්කුලම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුරකාවල් යොදා සිටි අවස්ථාවේදී දැව පටවාගත් බොලෙරෝ කැබ් රථයක් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ධාවනය කොට ඇත.

එහිදී පොලිස් නිලධාරීන් විසින් අදාල රථය නවතන ලෙසට අණ කොට සිටින අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කිරීමට දැව ජාවාරම් කරුවන් පියවර ගෙන ඇති අතර එහිදී පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් කැබ් රථය පසුපස ලුහුබැඳ ගොස් කැබ් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතාගෙන ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් පලා ගොස් ඇති අතර කැබ් රථය සමග තේක්ක කඳන් 12 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,317 Viewers

2 Comments to “අණ නොතකා ධාවනය වූ වාහනයකට පොලීසියෙන් වෙඩි තබයි..”

  1. Sandun Shrii says:

    කැබ් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතාගෙන ඇත.

Leave a Comment

Main News