කදුළු ගෑස් ප්‍රහාරයෙන් ආබාධිත රණවරුවා සදාකාලික අන්ධයි.. සිංගප්පූරුවත් බෑ කියයි..
December 14, 2016 at 9:20 am | lanka C news
විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලය ඉදිපිටදී සිදු කල විරෝධතාවයේදී පොලීසිය විසින් එලල කල කදුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් ඇසකට දැඩි තුවාල සිදු වූ ආබාධිත රණවරු නිශාන්ත මහිරාජ්ගේ ඇස සුව කල නොහැකි බව සිංගප්පුරු රෝහලද දන්වා තිබේ.
ඒ අනුව සිය අවසන් බලාපොරොත්තුවද අතහැර දමා ඔහු ආපසු මෙරටට පැමිණ ඇත..
යුද හමුදාවේ මැදිහත්වීම මත සිංගප්පූරු කැම්ටල් මෙඩිකල් සෙන්ටර් වෙත මොහු යොමු කර තිබුනද එහි වෛද්‍ය ඩේවිඩ් රෑන්ක් දන්වා ඇත්තේ ඇස යථා තත්ත්වයට ගත නොහැකි ලෙස දැඩි හානි සිදුව ඇති බවය.