එංගලන්තය ලෝක ශූරයන් වූයේ කුමාර ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්.. සැබෑ ලෝක ශූරයන් නවසීලන්තයයි… ක‍්‍රිකට් දැවැන්තයන්ගෙන් දස දෙසින් විවේචන..

July 15, 2019 at 10:12 pm | lanka C news
එංගලන්තය ලෝක ශූරයන් වූයේ කුමාර ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්.. සැබෑ ලෝක ශූරයන් නවසීලන්තයයි… ක‍්‍රිකට් දැවැන්තයන්ගෙන් දස දෙසින් විවේචන..

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේ සිවුවන පන්දුවට ලකුණු 6ක් ලබා දීම නිවැරදි විනිශ්ච තීරණයක් බව ‍ක‍්‍රිකට් ප්‍රවීනයන් චෝදනා එල්ල කරයි.

හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් සඳහන් කරන්නේ එහිදී ලබාදිය යුතුව තිබුණේ ලකුණු පහක් පමණක් බවයි.

පිතිකරුගේ පිත්තේ වදින අවස්ථාවේ ඔහු දෙවන දකුණු සම්පූර්ණ කර නොතිබූ නිසා එය පැහැදිලිවම විනිශ්චයකාරයා අතින් සිදුවූ වරදක් බව ද ඔහු සඳහන් කරයි.

මෙම තීරණයත් සමග එංගලන්ත කණ්ඩායමට ලකුණු හයක් ලැබී ඉතිරි පන්දු දෙකේදී ලකුණු 03ක් ලබා ගනිමින් තරගය සම කලේය.

ඒ හේතුවෙන් යවන ලද සුපිරි පන්දුවාරයේදීද ලකුණු සම වීම හේතුවෙන් වැඩිපුර හතරේ පහරවල් එල්ල කරන ලද පදනම මත එංගලන්තයට ලෝක කුසලාන ජයග‍්‍රමණය හිමි විය.

මෙම තීරණාත්මක තීන්දුව ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විනිසුරු කුමාර ධර්මසේන විසිනි.

එම එක් ලකුණ හේතුවෙන් නවසීලන්තයට ජය ගැනීමට තිබූ අවස්ථාවක්ද ඇහිරී ගියේය.

අවසන් පූර්ව තරගයේදීද වැරදි දැවී යාමක් ලබා දීම හේතුවෙන් ධර්මසේන දැඩි විවේචනයට ලක් විය.

කෙසේ වෙතත් තමසන් අතින් අහම්බෙන් සිදුවූ වරදට බෙන් ස්ට්‍රොක් නවසීලන්ත කණ්ඩායමෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

වැරදි විනිසුරු තීරණ දෙකක්ම දුන් කුමාර ධර්මසේන ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.

theguardian වාර්තාව මෙතනින්

83,893 Viewers

24 Comments to “එංගලන්තය ලෝක ශූරයන් වූයේ කුමාර ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්.. සැබෑ ලෝක ශූරයන් නවසීලන්තයයි… ක‍්‍රිකට් දැවැන්තයන්ගෙන් දස දෙසින් විවේචන..”

  1. රටට හිතැති says:

    පිතිකරුගේ පිත්තේ පන්දුව වැදී, තණතිල්ල දිගේ පන්දුව ඇදී ගියත් පිතිකරුවන් දෙදෙනා දෙවන ලකුණ සම්පූර්ණ කරනතෙක්ම “පන්දුව හතරේ සීමාව පසුකර” නොතිබිණ.

    • Dp says:

      වැරදීමකින් පිත්තේ වැදී ඉවත යන පන්දුවකට ලකුණක් සඳහා දිව යා හැක. මෙම ලකුණු ලබා දීමේ කිසිදු වරදක් නැත .ලකුණු දෙක සම්පුර්ණ වූ පසු හතරේ සීමාව පන්දුව පසු කල ලකුණු එකතු විය යුතුයි .K D ගේ තීරෙනයේ කිසි වරදක් නැත .

    • Chin Wijaya says:

      ක්‍රිකට් නීති පොතේ තියෙන්නේ fielder පන්දුව දමා ගසන්නට පෙර දුවපු ලකුණු පමණයි වලංගු කියා . ඒ අනුව ලකුණු 1 + 4 = 5 යි.
      6 ක් දුන්න එක පමණක් නොව 2 ලකුණ දුවපු පිතිකරු ට බැට් කරන්න දුන්න එකත් නීති විරෝධී යි.

      • Dp says:

        එතකොට දෙවැනි ලකුණ සම්පුර්ණ කෙරුවම බෝලේ bat එකේ වදුනම දෙන්නේ එක ලකුනයිද ?

      • ගමේ එකා says:

        සුද්දොන්ට ඔය තරම් මහාත්ම ගති තියනවා නම් වෙච්ච වැරැද්ද හරි ගස්සන්ට කප් එක නවසීලන්තයට දෙන්ට කියපල්ලකො.

      • රටට හිතැති says:

        cricket පොත එහෙම කියනවා නම්, fieder කෙනෙකුට පිතිකරුගේ පිටතට “හිතා මතාම පන්දුව දමාගසා” එමගින් තරඟයේ තීරණය වෙනස් කිරීමේ හැකියාවද ඇත????????

        • Manoj says:

          “”පිතිකරුගේ පිත්තේ වදින අවස්ථාවේ ඔහු දෙවන දකුණු සම්පූර්ණ කර නොතිබූ නිසා එය පැහැදිලිවම විනිශ්චයකාරයා අතින් සිදුවූ වරදක් බව ද ඔහු සඳහන් කරයි-හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් “”

          Meken kiyanne, thow eka bat eke wadiddi, batsmen 2nd run eka complete karala thibune nehe kiyala. Nethuwa 2nd run eka complete karana kota, bole Boundary ekata giyada kiyana eka nemei. Monawa wunath හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් ge logic eka 100% hari. ශ්‍රී ලංකාව නියෝජනය කළ විනිසුරු කුමාර ධර්මසේන ge logic eka weradi.

  2. Sanju says:

    That is Cricket!!!!! We should focus on Sri lankans Cricket and, should proud Darmasena for be there as Sri lankan…. That means He is one of the best in the World….

    • wasa says:

      Yes, That is Cricket!!!!! We should focus on Sri lankans Cricket and, should proud Darmasena for be there as Sri lankan…. That means He is one of the best in the World….

  3. puncha says:

    02 wana lakuna sampurna karanawita thamai panduwa bat eke wadinne. E nisa lakunu 06 niwaraedi. Pandi talk dena unta video eka balanna kiyanna,. Munuth hariyata JVP un wage. Weraddak unoth MR pali wage thama.

    • Sam - Canada says:

      EKSHAKLEEE

    • මුදලිගේ says:

      attha

    • amila says:

      ne bun cricket law eke hatiyata pandu rakinna panduwa visi karanawita sampurna karala thiyena lakunu gananata thama athireka lakunu ekathu wenne ahema nathnam batsmanla denna elaga lakunata duwana welawe lakuna sampurra nokarath cross karala thiyenna oni.ehema nethuwa lakunu 2 duwala thiyenakota 4 giyata wedak ne. wedagath wenne panduwa wisi karana kota thiyena thathwaya. dharmasenata thibune 3 umpire gen ahanna. ehema unanam prashnayak ne

    • Chin Wijaya says:

      වැරදියි . නීති පොතේ තියෙන්නේ fielder පන්දුව දමා ගසන්නට පෙර දුවපු ලකුණු පමණයි එකතු කරන්න ඕනෑ කියා . ඒ අනුව ලකුණු 1 + 4 = 5 යි.

  4. බන්ඩා says:

    එංගලන්තෙ කැප්ටන් කියන විදිහට එංගලන්තෙ දිනවන්න අල්ලා ධර්මසේන ගෙ මනස වෙනස් කරලා.

  5. desta says:

    edath suddata passa allana Sri lankawe kalu suddange puruddak ya. suddage asuchi rasa kara kana ape deshapalakayo inna rate me api inne

  6. Kd says:

    Didn.t listen to anybody and was arogant at school also

  7. Chanaka says:

    Come on guys. Be matured. Game is over now. Kumar is a no 1 umpire but it was a high pressure game. Mistakes can happen. Now a days pathetic to see our sri lankans blaming Kumar and English captain Morgan for praising Allah. This is the reason, We don’t move forward as a country. Shame to be part of a sri lankan only bcz of this 3rd world narrow minded fellows.

  8. Boo says:

    ඔතන තියෙන ප්‍රශ්නේ මේකයි. බැරි වෙලාවත් කුමාර් ධර්මසේන සුද්දෙක් වුනානම්, උන් කියයි ක්‍රිකට් වලදී විනිසුරු තීරණය කරන දේ අවසන් තීරණයයි, එය විවාද කල නොහැකියි, ඒක තමයි ක්‍රිකට් වල හැටි කියල.

    උදාහරණයක් විදිහට මුරලිට අසාධාරණ විදිහට සලකපු ඕස්ට්‍රේලියාවේ ඩැරල් හෙයාර් විනිසුරු සුද්දෙක් නිසා හැමෝම උගේ පැත්ත ගත්තා, විනිසුරු කියනදේ අවසන් තීරණය කිවුවා, මුරලිට තමයි අන්තිමට කරදර වුනේ, ඒත් මෙතැනදී කුමාර් ධර්මසේන සුද්දෙක් නෙමෙයි නිසා විනුසුරුගේ තීරණය විවාද කරන්න සුද්දෝ සහ උන්ගේ අවලම්කන් නිසා ලංකාවේ අම්මලාට උපන් කළු සුද්දෝ කුමාර්ට විරුද්ධව වාද කරනවා.

    මෙතන තියෙන්නේ සුද්දන්ගේ පස්ස ලොවිනවද නැද්ද කියන වෙනස මිසක් නීතියක් රීතියක් නෙමෙයි.

    • Manoj says:

      “”පිතිකරුගේ පිත්තේ වදින අවස්ථාවේ ඔහු දෙවන දකුණු සම්පූර්ණ කර නොතිබූ නිසා එය පැහැදිලිවම විනිශ්චයකාරයා අතින් සිදුවූ වරදක් බව ද ඔහු සඳහන් කරයි-හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් “”

      Meken kiyanne, thow eka bat eke wadiddi, batsmen 2nd run eka complete karala thibune nehe kiyala. Nethuwa 2nd run eka complete karana kota, bole Boundary ekata giyada kiyana eka nemei. Monawa wunath හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් ge logic eka 100% hari. ශ්‍රී ලංකාව නියෝජනය කළ විනිසුරු කුමාර ධර්මසේන ge logic eka weradi.

  9. Buruputha says:

    Mehema balanakota cricket valadi umpires la varadi theerana deelama nadda? Meka loka ithihasaye palamu ha avasaana ekada? Ehema balanakota duckworth lewis niyaya monatharam asadaranada? Mema theeranaya dunne saha neethiya haduve england valata vaasi vena vidhata. Hari vidihata dunnan denna thibune palamu 50 overs vala play karapu vidihata. Enam palamu overa 50 di England all out for 241 runs. But New Zealand scored 241 FOR 8 wickets.

  10. nihal says:

    Pay attention to the “runs completed together with the run in progress”

Main News