බිම් බෝම්බ 07ක් හමුවේ..

July 17, 2019 at 12:40 pm | lanka C news
බිම් බෝම්බ 07ක් හමුවේ..

වවුනියාව විලක්කුවයිත්තුකලම් ප්‍රදේශයේදී නැවත් පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිලිසකර කරමින් සිටින අතරතුරදී වලදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමු වී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාල වැසියා යුද්දෙන් පසුව නැවත පදිංචි වී ඉඩම එලිපෙහෙලි කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉඩම පස් කපන යන්ත්‍රයක් දමා පිලිසකර කරමින් සිටින අතරතුරදී බිම් බෝම්බ කිහිපයක් මතු වී ඇත.

අනතුරුව ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද සොදිසියකදී බිම්බෝම්බ 07 ක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමා ඇති බවට ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.

සොයාගත් බිම්බෝම්බ අධිකරණ නියෝගයකටඅනුව පොලිස් විශේෂකාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමටද පියවර ගෙන ඇති බවට ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,388 Viewers

One Comment to “බිම් බෝම්බ 07ක් හමුවේ..”

  1. LION says:

    සම්බන්දන්ට විග්නේස්වරන්ට ඔය පැත්තේ ඇවිදින්න කියන්න තිබුනේ

Main News