ජනපති-අගමැති අපේක්‍ෂක ඉල්ලීම අතහරී.. මෛත‍්‍රීට පොලොන්නරුවෙන් මන්ත‍්‍රී අපේක්‍ෂකත්වය ඉල්ලන්න සාකච්චා.. මහවැලි-පරිසර ඇමතිකමත් ඉල්ලයි..

July 20, 2019 at 11:20 am | lanka C news
ජනපති-අගමැති අපේක්‍ෂක ඉල්ලීම අතහරී.. මෛත‍්‍රීට පොලොන්නරුවෙන් මන්ත‍්‍රී අපේක්‍ෂකත්වය ඉල්ලන්න සාකච්චා.. මහවැලි-පරිසර ඇමතිකමත් ඉල්ලයි..

– අරුණ පුවත්පතෙනි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෝ ඉදිරි අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේනට නොලැබීමේ අවදානම අදාළ සාකච්ඡාව ආරම්භ වීමට හේතුවී ඇත.

උද්ගත වී ඇති තත්ත්වය තුළ අදාළ යෝජනාව ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ශ්‍රීලනිප පොදුජන පෙරමුණු 7 වන සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

– aruna

44,531 Viewers

6 Comments to “ජනපති-අගමැති අපේක්‍ෂක ඉල්ලීම අතහරී.. මෛත‍්‍රීට පොලොන්නරුවෙන් මන්ත‍්‍රී අපේක්‍ෂකත්වය ඉල්ලන්න සාකච්චා.. මහවැලි-පරිසර ඇමතිකමත් ඉල්ලයි..”

  1. RAYMOND says:

    ඒක හොඳයි
    මයිතීරී පොදු ජන පෙරමුණ යටතේ ඡංදයකට පැමිණ හෝ ජාතික ලැයිස්තුවෙන් මංත්‍රී වි
    මහවැලි සංවර්ධන ඇමතිව රටට වැඩක් කරන්න පුළුවන්
    අනික ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනත් මයිතීරී ට වැඩ කරන්න පුළුවන්

  2. sunimal says:

    උගත් අය විසාල පිරිසක් අපේ රටේ ඉන්න නිසා කොන්ද පන නැති නුගත් අය පොහොට්ටුවට නොගත යුතුය

    • JOY says:

      බද්යුදින්ට විල්පත්තුව විනාශකිරීමට ඉඩදුන් හිටන්ට මොන පරිසර ඇමතිකම්ද ? මොහුව කිසිම ඇමති පදවියකට සුදුසු නැත
      පොළොන්නරුවේ කුබුරක පබයාට සිටුවීමට හොදයි මොහු පරසරය බරව සිටි වසර 4 වැඩි කාලයේම මුළු රටේම වන උද්‍යාන වන රක්ෂිත විනාශ වීමට ඉඩ දී නිහඩව සිටි දේශද්‍රෝහියෙක් ..අපෝ එපා නැවත රටේ කිසිම ඇ මති පදවියක් හෝ මන්ත්‍රීකමක් ..ජනතාව මොහුව ප්‍රතික්ෂේප කරනවා
      දේශපාලනයන් සමුගන්න

  3. Pal says:

    Hmmmmm…

    This we have to consider???

    If he needs we will give him to lead the Pradesiya Sabha election..

    Not more than that..

  4. සිසිල් සුදේශ් says:

    පොලොන්නරුව ග්‍රාම නිලධාරි තනතුර දෙමුද?

    • Dushantha says:

      දෑන් ඉන්න තත්වෙත් එක්ක නන් ඒ ගෑනත් හිතලා බලලා තමයි දෙන්ඩ වෙන්නෙ.

Main News