දුවන්න සල්ලි නෑ.. ජලය-විදුලිය භාවිතය අඩු කරන්න..- මුදල් අමාත්‍යංශය සියළු රාජ්‍ය ආයතනවලට නියෝග කරයි..

July 22, 2019 at 6:48 pm | lanka C news
දුවන්න සල්ලි නෑ.. ජලය-විදුලිය භාවිතය අඩු කරන්න..- මුදල් අමාත්‍යංශය සියළු රාජ්‍ය ආයතනවලට නියෝග කරයි..

රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කරන ලෙසත් අනෙකුත් වියදම් නියමිත උපදෙස් පරිදි සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ.

ලබන වසර වෙනුවෙන් දින පොත් හා දින දර්ශන සඳහා වන වියදම් කපාහරින ලෙස ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

පාස්කු දා ප්‍රහාරයෙන් ආර්ථිකයට සිදුවූ විශාල බලපෑම හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් හැකිතාක් සීමා කිරීමට සිදුවී තිබෙන බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේකයේ සඳහන් වේ.

රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ සේවා ලබාගැනීමේදී අදාළ උපදෙස් පිළිපදින ලෙස ද වියදම් හැකිතාක් පාලනය කරගනිමින් එම සේවා ලබාගන්නා ලෙස ද මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් දැඩි ලෙස උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අමතර වියදම් නොදෙන ලෙසටය. තව ද හැකිතාක් පුනරාවර්තන වියදම් අඩුකර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා නිල විදෙස් චාරිකා හැකිතාක් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ද එහි සඳහන් වේ.

– lankadeepa

27 views

7 Comments to “දුවන්න සල්ලි නෑ.. ජලය-විදුලිය භාවිතය අඩු කරන්න..- මුදල් අමාත්‍යංශය සියළු රාජ්‍ය ආයතනවලට නියෝග කරයි..”

  1. SL says:

    කොහොමත් අපි ජලය විදුලිය නාස්ති කරනවා .අත හෝදන්න ගියොත් සමහර තැන්වල ඇඟ හෝදන්න පුළුවන් තරම් වතුර අපතේ යවනවා. ඉස්සර නම් ටී.වී එකේ වතුර අරපිරිමහන්න කියල ලස්සන ප්‍රචාරක දැන්වීම් ගියා. යුරිනල් /kitchen වල ම වෑල් වලින් අපතේ යන වතුර දැක්කහම කනගාටුවක් දැනෙනවා.

    • Niru says:

      This is what happens when there is no proper management. Unp buggers are only interested is looking for the next Aaryawa now and nothing else.
      6.2 million assholes changed the system to seek an Aaryawa for us in 2019

    • විස්කි මැඩම් says:

      අපතේ අරින එක වලක්වන එකයි, දුවන්න සල්ලි නැතුව පාවිච්චිය සීමා කරන එකයි දෙකක්. 62 ලක්ෂයට කරපු ගොන්කම දැන් වත් වැටහුනොත් හොදයි.

  2. හෙලයා says:

    තව ටික දවසකින් පටි තදකර ගන්න කියල ජනතාවට කියනවා. නැවත රනිලා බලයට ගෙනල්ලා බෙල්ල තද කර ගනිල්ලා.

  3. gamarala says:

    ජනපති අගමැති සහා මැතිසබේ 225 දෙනාගේ මාසික පඩිය කපා දැම්මා නම් වැඩේ හරි

  4. Kadiya says:

    Most Government institutions provide services too much low rates. Maket prices are high in private sector. But top personals exploits government assets paying less. Most time expenditure is higher than rates they charge. Minister can check all service provider government institutions.

  5. Dp says:

    දුවන්න සල්ලි නෑ නෙමෙයි ..මුන්ට දුවන්න පාරවල් හොයන්න වෙනවා මැතිවරණ එනකොට

Main News