ලංගම විශ‍්‍රාම ගැන්වීම බොරුවක්.. එජාපයෙන් පුරවන්න සැලසුමක්..

September 20, 2016 at 5:30 pm | lanka C news
ලංගම විශ‍්‍රාම ගැන්වීම බොරුවක්.. එජාපයෙන් පුරවන්න සැලසුමක්..

ලංගම සේවකයන් වැඩි යයි පවසමින් සේවකයන් 3400ක් විශ‍්‍රාම ගැන්වීම සිදු කර එම පුරප්පාඩු සදහා එජාපයෙන් හිතවතුන් බදවා ගැනීමට සැලසුම්කර ඇතැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසයි.

ලංගම විශ‍්‍රාම යන්නන්ද විශාල පිරිසක් සිටියද එම පුරප්පාඩුවලට ඊළග ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් නොකර අඩු සුදුසුකම් සහිත පුද්ගලයින් දේශපාලන හිතවත්කම් මත පත්කිරීමට සැලසුම් කර ඇතැයිද සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ කියයි.

ස්වේච්ඡවෙන් විශ‍්‍රාම ගැන්වීම කරන්නේ එජාප පාක්‍ෂිකයින් බදවා ගැනීමට හා දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට බවද ඔහු වැඩි දුරටත් පවසයි.

7,841 Viewers
Main News