එජාප ජනපති අපේක්‍ෂක සජිත්.. අගමැති අපේක්‍ෂක රනිල්..

August 15, 2019 at 3:50 pm | lanka C news
එජාප ජනපති අපේක්‍ෂක සජිත්.. අගමැති අපේක්‍ෂක රනිල්..

මීලග ජනාධිපතිවරණය සදහා එජාප අපේක්‍ෂකයා යන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් අනිවාර්යෙන්ම අගමැති අපේක්ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද වන විට එජාපයේ චෝදනා ඇති බොහෝ පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් එක්ව සිටින බවද ඔහු පැවසීය.

අද ඇතැමුන් රනිල් වික‍්‍රමසිංහ මහතා පැත්තකට කර දමා ගමනක් යාමට උත්සාහ කරන බවත් රනිල්-සජිත් එක්ව පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන වැඩපිලිවෙලක් දියත් කල යුතු බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

58 views

9 Comments to “එජාප ජනපති අපේක්‍ෂක සජිත්.. අගමැති අපේක්‍ෂක රනිල්..”

  1. නිලමේ says:

    තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොහොම බැද්දත් උඹලා එහෙමමයි!9

    • ගෝමස් says:

      මුංගේ කෙරුවාව බලන්න පුළුවන් ට්‍රෙෂරි රිපොර්ට් බැලුවනං. ආශ්චර්යයක් නොවුනොත් ලංකාව බංකොලොත් වීම ඒකාන්තයි.

  2. Critic says:

    What an idiot! How dare you to say ”victory”? If so, it will be end of SL!

  3. රංගජීව​ says:

    රනිල් අගමැති නම් පරාජය නියතයි. සජිත් ඔබේ පරාජය වෙනුවෙන් අපෙන් සුභ පැතුම්

  4. Me3 says:

    එකඑක්කෙනා එකඑක කතා කියනව, කාටද මන්ද පිස්සු?

  5. සරදියෙල් says:

    පව් අප්පා හුටන්ට මැරෙන කම්ම විපක්ෂ නායක කමයි අගමැති කමයි විතරයි අවුරුදු 30 පක්ෂ නායක වෙලත් ජනාධිපති කම නැහැ.

  6. sathya says:

    Dennatama Baha

  7. බන්ඩා says:

    මරේ මරැ! එල හරකය් මී හරකය් කරත්තෙ බැන්ද වගේ තියෙය්. සිරිසේන/රනිල් බානට අන්ත වෙය්.

  8. gamarala says:

    සමහර විට 2050 වෙන්න පුලුවන්