කපුවා කපෝති: දෙරණ නොපෙනෙන මානයේ මිත්‍යා දෘෂ්ටියෙන් බෞද්ධයන් ගලවා ගැනීමට පැමිණි ආචාර්ය ටියුඩර් බෞද්ධයෙක් නොවන බව ඔහුගේ කටින්ම පනී…

December 17, 2016 at 11:20 am | lanka C news
කපුවා කපෝති: දෙරණ නොපෙනෙන  මානයේ  මිත්‍යා  දෘෂ්ටියෙන් බෞද්ධයන් ගලවා ගැනීමට පැමිණි  ආචාර්ය ටියුඩර් බෞද්ධයෙක් නොවන බව ඔහුගේ කටින්ම පනී…

වසරකටත් වැඩි කලක් පුරා දෙරණ රූපවාහිනියේ පෝදා “නොපෙනෙන මානය” වැඩසටහනට බෞද්ධයකු ලෙස පෙනී සිටිමින්, සහභාගී වෙමින් බෞද්ධ ජනතාව මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීමට උත්සාහ දරා ඇති කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා බෞද්ධයකු නොවන බව පසුගිය පෝදා වැඩසටහනේ දී පිළි ගෙන ඇත. මීට පෙර වැඩසටහන් වලදී ඔහු පෙනී සිටියේ බෞද්ධයකු ලෙසයි.

විශ්ව විද්‍යාලයේ දී වරක මාක්ස්වාදියකු ලෙසත් තවත්වරක පශ්චාත් නුතනවාදියකු ලෙසත් පෙනී සිටින ඒ මහතා තමන් ඒ මතවාද දෙකට ද අයත් නොවන බව මෙහි දී පැවසීය. වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ වාග් ප්‍රහාරය සහ ප්‍රශ්න කිරීම් හමුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මෙන්ම මහනුවර රෝහලේ රුධිර බැංකු වෛද්‍යවරයකු වන ජනක ජයසූරිය මහතාද දැඩි අසීරුතාවයකට පත් වනු දැක ගන්නට ලැබුණි.

මේ අතර බෞද්ධාගමික වත්පිළිවෙත් සදහා වෙන් කර ඇති පොහොය දින බුදු දහමටත් බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීමට අබෞද්ධයන්ට අවස්ථාව සලසා දීම ගැන “නොපෙනෙන මානය” වැඩසටහන සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි විවේචනයට පාත්‍ර වී ඇත.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

183 views

51 Comments to “කපුවා කපෝති: දෙරණ නොපෙනෙන මානයේ මිත්‍යා දෘෂ්ටියෙන් බෞද්ධයන් ගලවා ගැනීමට පැමිණි ආචාර්ය ටියුඩර් බෞද්ධයෙක් නොවන බව ඔහුගේ කටින්ම පනී…”

  1. Critic says:

    Oh! Thanks God! Nuwan.

  2. Ranjith says:

    Rohan,You didn’t tell me before.Anyway i like you too.I don’t like girls at all..

Main News