ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය විනාශයි..

August 20, 2019 at 8:04 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය විනාශයි..

ශ්‍රී ලංකාව ලෝකය හමුවේ දිනා ගෙන තිබූ කීර්ති නාමයන් මේ ආණ්ඩුව විනාශ කර ඇති බවත් ,එය යළි ගොඩනැගිය හැක්කේ රාජපක්‍ෂ ආණ්ඩුවකින් බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

යහ පාලකයන් වසර 4 කට වැඩි කාලයක සිට ජනතාවගේ සතුට උදුරා ගෙන ඔවුන්ට කඳුල – සුසුම පමණක් ඉතිරි කර ඇති බව කී ඒ මහතා ,ජනතාව ගැන කිසිඳු සංවේදී බවක් නැති මේ ආණ්ඩුව ගෙදර යවා ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම එකම විකල්පය යැයිද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව සඳහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්වය ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා සංවිධානය කර ඇති සුහද හමු මාලාවේ දෙනියාය – අනිල්කන්ද ප්‍රදේශයේ ඉකුත් 18 වැනිදා පැවති සුහද හමුවකට එක් වෙමිනි .

ඒ මහතා එහිදී මෙසේ ද කීය .

මහින්ද රාජපක්‍ෂ මහත්තය නායකත්වය දරන කඳවුරේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස ගෝඨාභය මහතා ඉදිරිපත් කර තිබෙනවා .මහින්ද මහත්තයගෙ දේශපාලන අත් දැකීම් සමඟ ඒ ගමන දැන් ඉදිරියට ඇවිත් .ඊට එරෙහි සතුරු බලවේග කලබල වෙලා .

මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතු හේතු සියල්ල දැන් සම්පුර්ණයි .මේ අයගේ පාලනය නිසා දිනෙන් දින සිදු වන්නේ රටට ජනතාවට හානියක් .

ගැමි ජනතාවට අතට ලැබුනු සියලු අදායම් මාර්ග නැති කරලා .තේ නිෂ්පාදනය අඩු වෙලා .යහ පාලනය ඇවිත් දරා ගන්න බැරි විදියට පොහොර මිල වැඩි කළ නිසා තේ වගා කරුවන් අසරණ වුණා .ගොවින්ට ගොවි තැන් එපා වුණා .

මේ වන විට තේ කර්මාන්ත ශාලා 12ක් වැසී ගිහින් .” සිලෝන් ටී ” සඳහා තිබූ ජාත්‍යන්තර කීර්ති නාමයට හානි වෙන ලෙස ආණ්ඩුව වැඩ කළා .සුලු අපනයන භෝග ටික විකුණා ගන්න බැරි තැනට වගා කරුවන් අසරණ කළා .ගොවිතැනට කළ හානිය අප්‍රමාණයි .

මිනී මැරුම් අපරාධ වැඩි වැඩි වී රට අනාරක්‍ෂිත වුණා . දැන් රට අස්ථාවරයි .ජනතාව ජීවත් වෙන්නෙ බියෙන් .රාජ්‍ය සේවයත් දුර්වලයි .ඒ නිසා ජනතාවට සේවා ලබා ගන්න තිබෙන්නේ දැඩි දුෂ්කරතා මැදයි .දුකට පත් ජනතාවට පිහිට වෙන්න කෙනෙක් නෑ .මේක ජනතා සාප ලත් ආණ්ඩුවක් .

දේශපාලනය මිනිස්සුන්ට එපා වෙලා .කෙසේ හෝ මේ රට ගොඩ ගන්න ඕනෑ .මේ අය විනාශ කර දමන්නේ ජාතියේ දරුවන්ගේ අනාගතයයි .රටට ආදරය ඇති ජනතාව පෙළ ගැසී රටට හිතැති ආණ්ඩුවක් ඉක්මනින් හදා ගන්න ඕනෑ .ඒ සඳහා දේශපාලන පිටිය දැන් සුදානම් .ජනතා පැතුම් ඉටු කර ගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය වුණා .

මහින්ද මහත්තයගෙ උපදෙස් මත බැසිල් මහතා ගේ ඉලක්ක ගත වැඩ පිළිවෙළ එහි සාර්ථකත්වයට හේතු වූ බව ද අමතක කළ යුතු නෑ .මේ වටා එක් වී හෙට දවස නිර්මාණය කර ගැනීම රටට හිතැති පොදු ජනයාගේ පරම වගකීම යැයි ද හෙට්ටිගේ මහතා පැවසීය .

– Khmeedia

26,843 Viewers

7 Comments to “ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය විනාශයි..”

  1. රටවැසි says:

    මේ කියන්නේ අපේ ලංකාව ගැන නෙමෙයි නේද , අනේ !

  2. Chamila says:

    Masa 3kata sarayak Rs 6000/= k wiyadam karala pohora tika danna barikamada tea kada watenna hetuwa.. Kasala tea wikunala ape tea walata tibuna illuma natikaragatta.. Ko dan watu wala wadakartanna minissu… E nisa kuda tea watu himiyo watu ata atala.. Amu Tea kg 1 cost eka 45/= ganum mila 93/=. Hugak tea factory wahenna lankawe casino karainta pin sidda wenna.. Hoyala baluwot uttara hamba wei..

  3. Jagath Weerasinghe says:

    Gotabhaya Rajapakshe should be very careful from cunning person like Kumarasiri Hettige. He was very cleverly pretended Mahinda Rajapakshe while holding post of Secretary of Parliamentary Affairs.
    Never done anythings. He was unable to recognize Mahinda’s enemies among SLFP parliamentrians before Maithipala Sirisena’s crossed over.
    Only things he done was getting publicity himself through his media friends.

  4. Saradiel says:

    ජනතා විමුක්ති පෙරමුණ රනිල් සමග එකතු වී රටට කල මේ අපාරද වලට වග කිව යුතුය චන්දය දීමෙන් වලකින්න

  5. Kulathunga says:

    The value of Mr. Kumarasiri Hettige is well known to Mahinda Rajapaksa and the people of this country. He has a lot of enemies

  6. The value of Mr. Kumarasiri Hettige is well known to Mahinda Rajapaksa and the people of this country. He has a lot of enemies

  7. කවුරුත් දන්නවා ඔබතුමා රාජපක්ෂ පවුලේ සමිපතමයෙක් කියා… එමනිසා ඉර්ශියා කාරයන් ගොඩක් ඉන්නව… ඔබතුමා ඔබතුමාගෙ ගමන යන්න රාජපක්ෂවරුත් රටෙ ජනතවත් ඔබතුමා සමඟ ඉන්න බවට අපිදන්නවා

Main News