35ට අඩු දොස්තරලාට ශල්‍යකර්ම කිරීමත් තහනම් කල යුතුයි..

August 19, 2018 at 6:32 am | lanka C news
35ට අඩු දොස්තරලාට ශල්‍යකර්ම කිරීමත් තහනම් කල යුතුයි..

වයස අවුරුදු 35ට අඩු අයට ත‍්‍රිවීල් පැදවීමට ඉඩ නොදීම අරුම පුදුම විකාරයක් යයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

‘ඇයි මේ පීඩාකාරී දැඩි නීති අහිංසක පුද්ගලයන්ට පමණක්. ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සමත් වන්නාවූ වයස අවුරුදු 35න් පහළ පුද්ගලයෙකුට මොලේ ශල්‍යකර්මයක් කළ හැකියි.

ගණකාධිකාරි වරයෙකු ලෙස සමත් වන්නාවූ වයස අවුරුදු 35න් පහළ පුද්ගලයෙකුට විශාල සමාගමක මූල්‍ය කලමනාකරු වශයෙන් සේවය කළ හැකියි.

නමුත් ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍රයක් ලබාගෙන ත්‍රීරෝද රථයක් කුලියට පදවමින් ස්වයං රැකියාවක යෙදෙන්නට සැරසෙන වයස අවුරුදු 35න් පහළ පුද්ගලයෙකුට එසේ කරන්නට නීතියෙන් තහනම්ය.

මේ නීති පනවන වර්තමාන රජයේ නායකයන් ජීවත් වන්නේ මොන ලෝකයකද’ යයිද ඒ මහතා අප වෙත අදහස් පල කරමින කියා සිටියේය.

64 views

5 Comments to “35ට අඩු දොස්තරලාට ශල්‍යකර්ම කිරීමත් තහනම් කල යුතුයි..”

  1. Taraka says:

    This is a unfortunate comparison. Age at graduating from a medical faculty in sri Lanka is 27 years. Before doing Neuro surgery they have to undergo internship one year, two years of post intern period, 5 years registrar training, 2 years Senior registrar training here and then 1 year abroad. That makes them at least 35 years old when they become neurosurgeons. So welcome please make that rule!

  2. Gayantha says:

    Gon katawak ne anika wairadi puurwadarsha denna epa. Magee prawahanaya karana driving job ekaka loku sudusukamak balanne nai. Medical, theory saha practical pass nan ona kenekta wahanayak elawanna puluwan. Numuth ada wena riya anathuru bohomayakata mula iwaseema naithi kama wisheshayenma threewheel, tipper saha bus. threewheel wage elawana kenekge wayasa 30k wage awama agayak thiyenna ona. Ewagema anith magee prawahana sewa wagema heavy vehicle age limit ekath 30k wath karanna ona.
    35 kiyana eka 30ta wage daimma nan hari. Kawuru karath maika honda waidak. Harak katha kiyanna epa nodanna kamata. Anika obathuma gaina api nodannawa kiyala hithanna epa. Obathuma ranilta eda kadai giyapu unp eke kolabin chandai illapu kenek. Anithimata mahinda gawata ringala ape anduwath kaapu thawa ekek thama oya. Eka nisa paduwai waidak balan innawa

  3. sunil abeyratne says:

    ඇත්තෙන්ම ඉතා වටිනා අදහසක්. මේ රජයේ සිටින අයට පොඩි මිනිසුන් ගැන කිසිම කැක්කුමක් නෑ. කබ්රාල් මහතා අපි ගැන සිතීම ගැන අපේ පැසසුම්.

  4. vikrama says:

    තව ටික කලෙකින් බත් පැකට් විකුණන්නත් අවුරුදු හතළිහෙන් එහා විය යුතු යයි මේ සෙට් එක කියාවි

  5. ranjith says:

    අවුරුදු 30ක පුද්ගලයෙකුට ලයිසන් එක ගත්තට පස්සේ විශාලතම ගුවන් යානාවක් උනත් එලවන්න පුලුවන් උනාට ත්‍රිරෝද රථයක් බෑ. මේ මොන පිස්සුවක්ද?

Main News