‘යුද අපරාධ කලාද.. ජනාධිපති වුණාම හමුදා පාලනයක්ද..’ වියත් සභා අත්පොලසන් මැද ගෝඨාභය සිත් බදනා දෙසුමක..

September 2, 2019 at 3:50 pm | lanka C news
‘යුද අපරාධ කලාද.. ජනාධිපති වුණාම හමුදා පාලනයක්ද..’ වියත් සභා අත්පොලසන් මැද ගෝඨාභය සිත් බදනා දෙසුමක..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයේ සම්මේලනය අමතමින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කල දේශණය මෙහි දැක්වෙයි.

පසුගිය අගොස්තු මස 11 දා පැවති පක්ෂයේ මහා සම්මේලනයේදී  ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති  මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගනනාවක මෙන්ම  ස්වාධීන සංවිධාන හා කන්ඩායම් රැසක  පොදු අරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශ‍යෙන් මාව නම්කරනු ලැබීමෙන් පසු මා ප්‍රථමවරටයි නීතීඥයින් මෙතරම් විශාල සංඛ්‍යාවක් එකවර හමුවන්නේ.

අද දින ඔබ අමතා අදහස් කිහිප‍යක් ප්‍රකාශ කිරීමට මේ ලද අවස්ථාව ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

The legal profession is one of the most respected professions in the country. It is one with a very long and rich history.

Tracing its origins to ancient Greece, the legal profession developed further in ancient Rome and later proliferated throughout Europe and the rest of the world. Law, as a formally structured profession with its own training traditions and rigorous professional standards, was established in Sri Lanka in the 1830s.

It is the primary responsibility of legal professionals to study the law, practice the law, nurture the law and safeguard the law.

නීතිය යන සංකල්පය ශිෂ්ඨාචාරවත් සමාජයක අත්තිවාරම යැයි කියතොත් එය නිවැරදියි. නීතිය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යයෙන්ම අපට නීති පද්ධතියක්ද තිබිය යුතුමය.

එවැනි නීති පද්ධතියක් සමාජය තුල ගොඩනැගීම සඳහා නීතියේ ආධිපත්‍ය යන සංකල්පය නිර්මාණය කර ඇති වග අප කවුරුත් දන්නා කරුණකි. නීතියේ ආධිපත්‍ය සුරැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුල සහ රාජ්‍ය බලය සීමා කරන LIMITED GOVERNMENT රාමුවක් තුල බව  කවුරුත් පිළිගන්නා කරුනක්.

එනිසා නීතියේ ආධිපත්ය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පයන්  ජනතාවගේ සුභසිද්ධිය සහ දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කල යුතු බව අප කවුරුත් දන්නා කරුණකි.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.  ආසියානු මහාද්වීපයේ රටවල් අතුරින් ප්‍රථමයෙන්ම සර්වජන ඡන්ද බලය හිමි වූයේ ශ්‍රී ලාංකාවටයි.

The granting of universal franchise in Sri Lanka in 1931 under the recommendations of the Donoughmore commission took place at a time before democracy was firmly established in many of today’s developed nations.

Universal franchise has been the foundational force behind the transition from monarchical rule to democratic governance in republics throughout the world.

සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය  ජනතාව සතු වීමයි.

ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකිරීමේදී නීතියේ ආධිපත්‍යය රටකට ඉතා වැදගත් වෙනවා.

මනුෂ්‍ය සංහතිය ඔවුන්ගේ ස්වාභාවික අයිතිවාසිකම් සියල්ලක්ම අතහැර සිවිල් අයිතිවාසිකම් සමූහයක් සමග සම්බන්ධ වී ස්වෛරී රාජ්‍යක ජනතාවක් වශයෙන් ජීවත්වීමට ගිවිසාගෙන ඇත්තේ යම්කිසි වගකීම්, අයිතිවාසිකම් හා බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහායි.

මෙම සාමාජීය ගිවිසුම් නිසි ක්‍රමවේදයක් ඔස්සේ සාධාරණ ආකාරයකට ක්‍රියාත්මක කිරීමේ උතරීතර වගකීම  ඉහල මට්ටමින්ම ඉෂ්ඨ කර ගැනීමට නම් අප ජීවත් වන සමාජයත් එම සමාජයේ පාලකයන් ද අනිවාර්යයෙන්ම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.

ඔබ කවුරුත් දන්නා නීතිය පිළිබඳ  මූලික සංකල්ප කිහිපයක් මම ඔබට මතක් කරන්න කැමතියි.  පලමුව නීතිය පැහැදිලි විය යුතුය. දෙවනුව එය පහසුවෙන්ම හැදෑරීමට සහ තේරුම් ගැනීමට හැකි විය යුතුය. තුන්වනුව නීතිය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රතිඵලය කිමෙක්ද යන්න සම්බන්ධයෙන් අනාවැකියක් ප්‍රකාශ කළ හැකි විය යුතුය.   සිව්වනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුන තුල බලතල බෙදා හැරීමේ න්‍යායට ගරු කල යුතුයි. පස්වනුව මහජනතාව සහ රජය ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ ප්‍රථිපාදන වලට ගරු කල යුතුය. හයවනුව නඩුකර හැකි ඉක්මනින් අවසන් කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුයි. නඩුකරයන් අවම වියදමින් අවසන් කරගත හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය. නීති පද්ධතිය දූෂනයෙන් තොර  විය යුතුය.

Although we still repose our trust in the independence of the judiciary, when looking at recent trends, we must admit to having questions about the independence of some of the other institutions and officials entrusted with upholding the rule of law.

ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කිරීම සඳහායැයි  පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට  දේශපාලන අවශ්‍යතා සඳහා භාවිත කිරීමට අප තවදුරටත් ඉඩ නොදිය යුතුයි. ඒ වෙනුවට ඒ ආයතන වලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තව දුරටත් ශක්තිමත් කිරීම තුලින් ජනතාව සවිබල නැංවීමට ඔබේ උපදෙස් හා සහාය අපි බලාපොරොත්තු වෙනවා.

JUSTICE DELAYED IS JUSTICE DENIED  කියා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා

අධිකරණ පද්ධතිය තුල ඇති ප්‍රමාදය අද සාමාන්‍ය ජන ජීවිතයට බලපාන විශාල ප්‍රශ්නයක්. …………..

මෙම ප්‍රමාදයන් වලක්වා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩ නංවන ගමන්ම යල් පැන ගිය නීති ක්‍රියාපටිපාටි හා අනපනත් සංශෝධනය කොට අනාගතයට ගැලපෙන නීති පද්දති සකස් කර ගැනීමට ඔබ සැමගේ සහාය අනාගතයේදී අපට අවශ්‍ය වෙනවා.

Many of our courtrooms are in dilapidated condition today. Unless action is taken swiftly, it is likely that these buildings will be unusable in the near future. It is in this context that we hope to re-implement the programme to develop the infrastructure of the courts system which was planned by the previous Government in 2014.

The reintroduction of this infrastructure development programme will ensure that you will be able to practice your profession in all the main cities and other towns of the country with due dignity and ease.

නීතිය කඩිනමින් පසිඳලන්නට දැනට ඇති අධිකරණ හා විනිසුරුවන් ප්‍රමාණවත්ද යන්න අපට විමසා බලන්නට සිදු වෙනවා.

නීතියේ ප්‍රමාදයන් වැලක්වීමට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට අපට සිදු වෙනවා. ඒ අතර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දේශීය හා විදේශීය පුහුණුව මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමද ඇතුලත් වෙනවා.

අපේ රටේ සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා තාක්ෂනය බහුලව භාවිතා කිරීමට අප අදහස් කරනා නිසා සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහිත අධිකරණත් අපට ක්‍රම ක්‍රමයෙන් හඳුන්වාදෙන්න පුළුවන්.

I know that being appointed President’s Counsel is one of the highest honours any lawyer can aspire to. Although our nations’ leaders have historically striven to safeguard the dignity of this honour, concerns have arisen regarding certain appointments made to this position in the recent past.

In the future, I look forward to seeking the advice of the Chief Justice, Attorney General, legal experts and the Bar Association in order to establish a transparent, rigid procedure to govern appointments to the position of Presidents’ Counsel.

ජනතාව අපේක්ෂා කරණ සෞභාග්‍යමත් දේශය ගොඩ නැගීමේදී  අපට ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් වෙනවා.

ජාතික ආරක්ෂාව ගැන කතා කරනා විටත් නීතියේ ආධිපත්‍යය ඉතා වැදගත් වෙනවා. එක රටක් තුල ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමනයි. නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.

පුරවැසියා හැමවිටම නීතිගරුක විය යුතුයි, නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරණ ආයතන වලට හා පුද්ගලයන්ට බය නම් එහි ගැටලුවක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරණා විට අපි මතක තබා ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කරණ ආයතන හා පුද්ගලයනුත් නීතියට යටයි කියනා බව. ඔවුන් සම්බන්න්දයෙනුත් නීතිය සාධාරණව ක්‍රියත්මක විය යුතුයි.

නීතිය සැමට සමානය යන උත්තරීතර සංකල්පය අභියෝගයට ලක් කරමින් රජයේ ඉහල නිලධාරීන් නීතිය නමන හැටි කියනවා පසුගිය කාලයේ ජනතාව මාධ්‍ය වලින් දුටුවා

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විශේෂ කමිටුවක් මගින් විමර්ශනයක් කරනා ලෙස අපි ඉල්ලා සිටියේ ඒ නිසායි.  එසේ නොකලහොත් යම් දේශපාලන බලවතුන් නීතියේ රැහැනින් පිට පැනිය හැකි බව අපට පෙනෙනවා.

We need the support of domestic and foreign investors to accelerate the nation’s economic development.

When investors select countries to invest in, the efficient operation of the law within the country is one of the first things they look at. They pay particular attention to the independence of the judiciary and the efficiency of the legal system. They also examine whether the laws of the nation are in consonance with international law.

Legal scholars should therefore look at improving the mechanisms available for the swift settlement of legal disputes in Sri Lanka, including such speedy and efficient measures as arbitration. Just as Singapore today has established a global reputation as a centre for arbitration, Sri Lanka too should aspire to establishing a reputation for different specialisms in the legal sphere in future.

නීතිය යනු ජීවමාන සංකල්පයක්.  මනුෂ්‍ය සමාජයේ සිදුවන වෙනස්කම් අනුව නීතියේත් වෙනස්කම් සිදු වෙනවා. ඒ නිසා  අද නූතන ලෝකයේ සංවර්ධනය වූ රටවල් නීති වෘත්තියේ තත්වය ඉහල මට්ටමකින් පවත්වාගෙන යාමට අනුගමනය කරනු ලබන එක් යාන්ත්‍රනයක් නම්  CONTINOUS LEGAL EDUCATION  යන සංකල්පයයි.  මේ සම්බන්ධයෙනුත් පහසුකම් වැඩිකරනා ආකාරය අප සාකච්චා කල යුතුයි.

ගෝලීය ආර්ථික තුල  තුල ආසියානු කලාපය බලවත් වෙමින් සිටිනා  මේ මොහොතේ අපත් ඒ ප්‍රවණතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කල යුතුයි. ලෝකය සමඟ සම්බන්දීකරණයේදී අපේ සුවිශේෂී  භූගෝලීය පිහිටීමෙන් ප්‍රයෝජන ගත යුතුයි. මේ කරුණු වලදී අපට ජාත්‍යන්තර නීති රීති ගැන මනා දැනුමක් තිබිය යුතුයි.  මේ අවශ්‍යතාවය තේරුම් ගෙන අදාල ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා

කාලීන ජාතික  අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති  යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි නීති ප්‍රජාවේ සහාය අවශ්‍ය කරන වැඩකටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා ඉදිරියේදී නීති විශාරදයන්ගෙන් මෙන්ම  ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල විද්වතුන්ගේ සහාය ලබාගන්නට  අපි කටයුතු කරණවා.

මම ඔබට මතක් කරන්නට කැමතියි අපි නව තාක්ෂණය් භාවිතය අතින්  හැකි පමන ඉදිරියට යන්නට බලාපොරොත්තු වන බව. මෙය ඔබටත් වදගත් වෙනවා. ඊශ්රායලයේ හිටපු අග්‍ර විනිශ්චයකාර තුමෙක් වන අහරොන් බරක් මැතිතුමා පෙන්වා දී තිබෙනවා සමාජය තුල තම වෘත්තීමය වටිනාකම පවත්වාගන්නට නම් වේගයෙන් වෙනස් වන ලෝකය තුල නූතන තාක්ෂණ ප්‍රවණතාවන් හඳුනාගෙන ඒවා භාවිත කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතු බවයි.

I propose to lead a future Government that will always revere and uphold democracy, and always safeguard the rights of the public.

There is a popular false narrative about human rights violations which supposedly took place in the last stages of the war against terrorism. However, this false narrative blithely ignores the many delays in the pursuit of victory that arose from our strong commitment to protect and uphold human rights. Although it would have been possible for us to pursue a faster resolution to the war by using heavy artillery, we did not. Instead, we chose to pursue victory using only light arms, even though this resulted in thousands of war heroes sacrificing their lives.

This strategy was pursued because of the nearly 300,000 innocent Tamil civilians entrapped by the LTTE for use as a human shield during the last stages of the war. Rescuing them from danger was our primary aim. This is glibly forgotten by those who seek to attack us on the topic of human rights. So too is the fact that more than 11,000 LTTE cadres were rehabilitated and reintegrated into society in the aftermath of the war.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුගේ මූලිකම අයිතිය තමයි චන්දය දීමේ අයිතිය. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යලි ස්ථාපිත කරනවා. සර්ව බල චන්දයට ගරු කරන , මහජන මතයට හිස නමන , නීතියේ ආධිපත්‍යය වචනයට සීමා නොවේ සැබැවින්ම ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා

අපේ ව්‍යවස්තාව තුල ජනතාවගේ මූලික අයිතීන් හොඳින් ස්ථාපිත කොට තිබෙන්වා. ඒ වාගේම ජනතාවගේ වගකීමුත් පැහැදිලි කර තිබෙනවා.

සතුටින් ජිවත් වන්නට ඔබට ඇති අයිතිය අයට හිරිහැරයක් නොවනා ආකාරයට ජීවත් වන්නට සෑම පුරවැසියෙකුටම වගකීමක් තිබෙනවා.

ගුණ ගරුක , විනය ගරුක,  නීති ගරුක සමාජයක්  ගොඩ නැංවීම අද ඔබ සියලු දෙනාගේම අපේක්ෂාව වී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍යකරණ  නායකත්වය දීමට මම සූදානම්. අපේ පොදු අරමුණ ඉටුකරගැනීම සඳහා ඔබ සියලු දෙනාගේමත් සහාය  මම බලාපොරොත්තු වෙනවා

– GR midea

72,732 Viewers

12 Comments to “‘යුද අපරාධ කලාද.. ජනාධිපති වුණාම හමුදා පාලනයක්ද..’ වියත් සභා අත්පොලසන් මැද ගෝඨාභය සිත් බදනා දෙසුමක..”

  1. Ab says:

    Great speech sir. Hope u will make a difference unlike politicians in Sri Lanka.

  2. Gayantha says:

    excellent speech speech made by me from presidential candidate 2020.It shows knowledgeable leadership qualities

  3. 20/20 says:

    පොදු ජනතාවගේ එකම අපේක්ෂාව ඔබයි… එම සෞභාග්‍යමත් දේශය ගොඩ නැගීම මෙන්ම ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ලබාදීම උදෙසා … පැමිණෙන්න මැතිඳුනි

  4. Gayantha says:

    excellent speech heard by me from presidential candidate 2020.It shows leadership qualities .

  5. New Times says:

    මේ 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගත යුතුයි.
    ඉන්දියාවේ දැවැන්ත නිදහස් අරගලයෙනුත්,චීනයේ 1949 විප්ලවයෙනුත් වුනේ අධිරාජ්‍යවාදීන් එම රටවල දේශිය හෙන්චයියන් හා සමග එක්ව හෙබවු රාජ්‍ය බලය පොදු ජනතාව අත්පත් කර ගැනීමයි. ඉන්දියාවේ,චීනයේ දියුණුව ආරම්භ වන්නේ රාජ්‍ය බලය ජනතාව අතට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවේ දැනට සිදු වන්නේ 1948 දක්වා අධිරාජ්‍යවාදීන් හෙබවූ රාජ්‍යය බලය පාර්ලිමේන්තුව නම් හොර ගුහාව යොදවාගෙන, බොරැ නිදහසක් බොරැ ප්‍රජාතන්ත්‍රවදයක් ගැන රවටවමින් තවදුරටත් විදේශ බලවේග විසින්ම දැරීම හා මෙහෙයවීමයි.සැබෑ නිදහස හා දියුණුව ලැබීමට නම් මේවනවිට තමන් අත නැති රාජ්‍ය බලය ජනතාව තම අතට ගත යුතුය.

    • Ex JVP says:

      71 සහ 88 කළා වගේ තුවක්කු අතට දීපු තරුණයො බිලි දීලද නැත්නම් 2015 කළා වගේ ධනපති ඇමෙරිකන් ගැති සංස්කෘතික අපතයො සෙට් එකේ පු… ලෙව කාලද ජනතාව අතට බලය ගන්නෙ??
      මෙදා සැරේ මොන බැටලු හම පොරවං ආවත් ජෙප්පො ඉවරයි..
      පුංච් අම්මපා…

  6. Peter says:

    Truly a superb speech by a visionary leader.

  7. LION says:

    බෙදුම්වාදයට ඉඩක් නොදෙමු

  8. kawinda says:

    denata idiripath wee sitina saha idiripath wela janapathi wenda hadana kauru ho kenek Gotabhaya Rajapaksha mahatha men bhaawa purna anagi kathaawak dvi bhaashaawen karaida.? api balamu kolayaka liyawaagena hari ewith kathaa karaida kiyala.

  9. Dp says:

    A leader with a vision . you piched in when you were most needed to deal with terrorism .now you are back to guide the whole nation .you definetely will make a change. All should support putting back all differances.

  10. Lal says:

    Naganandawa paradanannva boru….

Main News