RMV මගඩියකින් ලක්ෂ හාරදහසක් මකර කටට..

September 5, 2019 at 5:30 pm | lanka C news
RMV මගඩියකින් ලක්ෂ හාරදහසක් මකර කටට..

මෝටර්  රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු උපදේශනය සඳහා නියමිත තෝරාගැනීමේ පටිපාටිය අනුව තෝරා ගැනුණු රාජ්‍ය ආයතන දෙකක් තිබියදී ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී  ප්‍රතික්ෂේප වුනු පුද්ගලික ආයතනයක් පිළිගත් ටෙන්ඩර් පටිපාටි උල්ලංගනය කරමින් තෝරා  ගෙන තිබේ.

නව ඊ -මෝටරින් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් අදාල නවීකරණ කටයුතු සිදු කෙරෙන අතර ඒ සදහා රජයේ ආයතන වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය ඇතුළු ආයතන සහ තවත් පුද්ගලික සමාගම් නවයක්  ඉදිරිපත් විය.

එහිදී අදාල සුදුසුකම් සපුරා තිබුනේ ඉහත  රාජ්‍ය ආයතන දෙක හා තවත් පුද්ගලික සමාගමක් පමනි. එසේ තිබියදී අදාල ටෙන්ඩරය නියමිත ඇගයීම් පටිපාටියෙන් බැහැරව  මුල් වටයෙන්ම ප්‍රතික්ෂේප වුනු නිසි පළපුරුද්දක් නොමැති  කුඩා ආයතනයකට පිරිනමා තිබේ.

මෙවන් රටට  අතිශය වැදගත් රාජ්‍ය ආයතනයක කටයුතු මේ ආකාරයට පළපුරුද්දක් රහිත සමාගමකට ලබාදීම හේතුවෙන් මහජන මුදල් නාස්තියක් මෙන්ම ආයතනයෙන් සිදුවන මහජන සේවාවටද හානියක් බව සේවකයෝ පෙන්වා දෙති.

එසේම නවීකරණ කටයුතු සඳහා වැයකරන මේසා විශාල මුදලින් නවීනතම  ගොඩනැගිල්ලක් අලුතින් ඉදිකළ හැකි බවද  රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ල  නවීකරණය සඳහා ගන්නා උත්සාහය බරපතල මහජන මුදල් නාස්තියක් බවද  එහි සේවකයෝ පෙන්වා දෙති.

– S ධනවීර

48 views

5 Comments to “RMV මගඩියකින් ලක්ෂ හාරදහසක් මකර කටට..”

  1. යන යකා කොරහත් බිදගෙනම පලයන්. අන්තර්ජාතික ක්‍රෙඩිට් වර්ගීකරණයේ A තිබුනු රට දැන් B minus. යන්න ඉස්සර කොහොම හරි සම්පූර්නයෙන් C (collapse) කරල තමයි මේ රැළ යන්නෙ..රටට අබ සරණ තමයි..

  2. sunimal says:

    මැතිවරණයේදී ජනතාව මේවාට පිළිතුරු දේවි

    • kawinda says:

      gevee giya aurudu 41/2 ka kaalaya thula ratatath aarthikayatath buddhaagamatath sidukala barapathala aparaada ekin eka liyala chandeta kalin janayaa athara beda dee denuwath kala yuthuya. minissunta boho dewal amathaka wena nisa.

  3. aniwa says:

    මහින්ද සර් ඉන්න කාලේ මේ වගේ විනාස වුනේ නැහැ, දැන් තමයි ජනතාවට රාජපක්ෂවරුන්ගෙ අගේ තේරෙන්නෙ.

  4. Me3 says:

    මේව දකිනකොට RW ගෙ වහල්ලු නිහඬයි😹😹😹😂

Main News