මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..

September 9, 2019 at 3:00 pm | lanka C news
මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතර කණ්ඩායමක් නියෝජ්‍ය නායක සජාත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වමින් සිටී.

ජනාධිපති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නැයි එම පක්‍ෂ මන්ත‍්‍රිවරුන් 77 දෙනාගෙන් 51 දෙනෙකුම ඉල්ලා ඇත.

එම ඉල්ලීම ලිඛිතව සදහන් කරමින් අගමැතිවරයා වෙත ලිපියක් බාර දීමටද ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

එජාප පලාත් සභා හා පලාත් පාලන මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වමිසන් සිටිති.

මේ අතර පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂපාතී බව වාර්තා වන අතර ඒ බව අගමැතිවරයා විසින් පසගිය සති අන්තයේදී එජාප ජ්‍යෙෂ්ඨයන් වෙතද දන්වා ඇත.

එජාප ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්‍ෂක තෝරාගනු ලබන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙනි.

93 views

12 Comments to “මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..”

  1. Nish says:

    සජිත්ට අන්තිමට නියෝජය නායකකමත් නැති වෙනවා

  2. manik says:

    හුරේ මුන් දෙන්නටම ඔය මගුල නොදි දිපල්ලා පොඩ් එකෙකුට ඔය වැඩේ අමන හරක් රට කැවා මදිවට ඉදිරියටත් කාබාසිනියා කරන්න හදනවා ඉතුරු ටික

  3. Bold Citizen says:

    Ranil has already won the “Most Hated Politician” award from his own party-men for the current stand-off with Sajith fraction and also from the people of this country due to his involvement and protection of suspects in the central bank bond scam..

  4. පොරමෝලා says:

    මොන ජිල්බරිය දැම්මත් අන්තිමට මොකා තෝරන්නෙත් ජනතාවගෙ ඡන්දෙන් කියල මුංට අමතක වෙලා

  5. emma says:

    Meka boruwak
    එජාප ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්‍ෂක තෝරාගනු ලබන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙනි

    • Hoo !!! says:

      කෘත්‍යාදිකාරි මණ්ඩලය තේරුවෙ කාගෙ කැමැත්තෙන්ද බං ? බැංකු ක්ලීනර් තුමාගෙ තනි කැමැත්තෙන් නේද ?😁

  6. john the baptice says:

    අපේ රටට මේ තත්වය ගෙනාවේ සිරිසේන රනිල් සමග එකතුවීමෙන් අන්තිමට මහා බැංකුවට කෙලියා,

  7. MJ says:

    Fonila bala pereethaya. Ookata gahala pannanna oonee UNP ekenuth.Paarata adala daanna oonee.

  8. Janaka from Matara says:

    ..one thing for sure. The current politics is not like anything that was there in the past.

    As for Sajith. He is a promise-making toy parrot. There is nothing sinister about Ranil not giving him the ticket to contest. He knows the UNP and the country will be completely ruined in his deputy’s hand. Ranil will not give it to him even if UNP as a party gets completely destroyed.

  9. Badurdeen says:

    රනිල් තමයි දවසකට හරි මුනිය. අපිල ඔක්කොම එයාට සපෝට්.

  10. රනිල් කියන්නෙ රනිල්ට. වැරදිලා ලංකාවෙ ඉපදුනු ඇමෙරිකානුවෙක්. හදවතින්ම ඇමෙරිකන්. ඒ වගේම ඒකධිපති නායකයෙක්. ඔහුගෙ හිසට උඩින් කාක්කෙකුටවත් ඉගිලෙන්න බෑ. නායකත්වය ගැන විවාදයක් නැත.

    ඕක නොතේරෙන වහල්ලු ටිකක් මෙපමන කල් මෙයාව පත් කරගෙන ලංකාවෙ ප්‍රශ්න වලට පිලිතුරු පතනව. දැං තව බූරු පැටියෙක් නායකත්වය ඉල්ලනවා. දෙකෙන් එකක්වත් වෙන්නෙ නෑ.

Main News