මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..

September 9, 2019 at 3:00 pm | lanka C news
මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතර කණ්ඩායමක් නියෝජ්‍ය නායක සජාත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වමින් සිටී.

ජනාධිපති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරන්නැයි එම පක්‍ෂ මන්ත‍්‍රිවරුන් 77 දෙනාගෙන් 51 දෙනෙකුම ඉල්ලා ඇත.

එම ඉල්ලීම ලිඛිතව සදහන් කරමින් අගමැතිවරයා වෙත ලිපියක් බාර දීමටද ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

එජාප පලාත් සභා හා පලාත් පාලන මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වමිසන් සිටිති.

මේ අතර පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂපාතී බව වාර්තා වන අතර ඒ බව අගමැතිවරයා විසින් පසගිය සති අන්තයේදී එජාප ජ්‍යෙෂ්ඨයන් වෙතද දන්වා ඇත.

එජාප ව්‍යවස්ථාව අනුව ජනාධිපති අපේක්‍ෂක තෝරාගනු ලබන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙනි.

93 views

12 Comments to “මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ට.. කෘත්‍යාධිකාරියේ බහුතරය රනිල්ට.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරයෙනි..”

  1. Saradiel says:

    මොන බහුතර තිබුනත් 2020 ගොටාබය ජනපති

Main News